_Chapter 12_

15 9 5
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

"'🎶 Like an echo in the forest
하루가 돌아오겠지
아무 일도 없단 듯이
Yeah, life goes on
Like an arrow in the blue sky
또 하루 더 날아가지 (날아가지)
On my pillow, on my table
Yeah, life goes on like this again.. 🎶"'

විල් ඉවුර පේනමානෙන් නතර වුණු සුඛෝපභෝගී මෝටර් රථය ඇතුලෙ ඇසෙමින් තිබුණ ගීතයත් එහෙම නිමා වුණා.

" සතුටුයි මට.."

තේහ්‍යුන්ග් දිහා බලාගෙන ජීහි ඇහෙන නෑහෙන හඩින් එහෙම කිව්වා.

" ඇයි නූනා එහෙම කියන්නෙ.?"

තේහ්‍යුන්ග්ට ප්‍රශ්නාර්ථයක්.

" ඉස්සර වගේමයි.."

" ඒ කිව්වේ..? මට තේරුනේ නෑ."

" වෙනස් වුණ අය හැමෝම අතරෙ නොවෙනස් වුණු එක්කෙනෙක් හරි ඉන්න එක ගැන මට සතුටුයි කියල කිව්වෙ මැට්ටො.."

එහෙම කියපු ජීහි වාහනෙන් බැස්සා. ඒ එක්කම වාහනෙන් එළියට පැන්න තේහ්‍යුන්ග් ඉක්මන් ගමනින් ගිහින් ජීහි ඉස්සරහින් හිටගත්තා.

" එතකොට නූනා කියන්නෙ නූනා දැන් ඒ පුංචි පැටිය එක්ක තනියම ජීවත් වෙනව කියලද ආහ්..?"

" මට තනියක් නෑ තේහ්‍යුනී.. මං එක්ක හල්මොනී ඉන්නව.. අනික තව ටික කාලෙකින් එයා ආයෙම එයි.."

" ඒත් නූනා එයා දන්නෙවත් නෑනෙ මේ කිසිම දෙයක්. එහෙම එකේ කොහොමද..?"

" එයා නොදන්නව වුණත් මට විශ්වාසයි එයාට මාව විශ්වාස බව.."

" නූනා ඒත්..-"

" තේහ්‍යුනී ඇති දැන්.."

දිගින් දිගටම කරගෙන ආපු කතාව නතර කරගන්න ජීහිට තිබුණෙ නොඉවසිලිමත් වුවමනාවක්. ඒත් තේහ්‍යුන්ග්ට ජීහිගෙ කතාව ගැන තිබුණෙ පුදුමාකාර වුණු කුතුහලයක්.

" නූනා ඔහොම කතා කරන්න එපා.. මටත් අයිතියක් තියෙනව ඔයා ගැන දැනගන්න. අනික මේ මොනතරම් කාලෙකින්ද.."

" මම ඔයාට හැමදේම කිව්වා වූගා බබී.. ඔයාට හංගන්න දෙයක් මට නෑ.."

ජීහි ගස් අතරින් යන්තමින් පේන විල් තෙර දිහා බලාගෙන කිව්වත් ජීහිගෙ හදවත මිමිනුවෙ වෙනමම කතාවක්.

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now