_Chapter 10_

21 9 15
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

' ජ..ජන්ග්කූ.. එ.යා එයා කොහොමද මෙ..මෙහෙ..? මේ ඉල්සාන්වල.. ඒකත් මේ වගේ තැනක.'

නොසීතූ වෙලාවක කොහොමවත්ම බලාපොරොත්තු නොවුණ අයෙක්ව දැකීම ජීහිගෙ දෑස් පුදුමයෙන් විසල් කරලා තිබුණා.

" ආබ්බූ... බූ...බූ..බූ..බූ...හම්..."

ඇසිපිය නොගහ ජන්ග්කුක් දිහා තත්පර කිහිපයක් බලා සිටි ජීහි පැංචිගෙ හුරතල් කටහඩින් පියවි සිහියට ආවත් ඇයගෙ දෑස් තවදුරටත් ජන්ග්කුක් සිටි දිහාවට යොමු වෙලා තිබුණා.

" ජන්ග්කූ ඔයා ඇයි මෙහෙ..?"

ජීහිගෙ දෙතොල් මන්තරයක් වගේ මතුරද්දි,

' ඒත් කවුද එයා එක්ක ඉන්න අනිත් දෙන්නා.?'

ඇයගෙ හිත ඇයගෙන් එහෙම ප්‍රශ්න කළා.

~~~~~~~~~~~

" හ්‍යුන්., ඔයා මොනවද මේ කරන්නෙ හ්‍යුන්..?"

කවදාවත් නොදුටු ආවේගශීලී විලාසයකින් හැසිරෙන යුන්ගි දිහා බලල ජන්ග්කුක් එහෙම විමසද්දි කලබලෙන් ඒ මේ අත දුවමින් තිබුණ යුන්ගිගෙ රත් පැහැවුණ දෑස් ජන්ග්කුක් දිහා බැලුවා.

" කු..කුකාහ්.. ම..මම.. ඇයි..?"

ජන්ග්කුක්ව දැකපු පමාවට යුන්ගිගෙන් පෙනුන ආවේගශීලි ස්වභාවය ක්ෂණයකින් අතුරුදහන් වුණා. එතෙක් වෙලා ආවේගෙන් පිටවුණු වදන් පවා අසරණ බයාදු හඩක් බවටපත් වුණා.

" මමත් අහන්නෙ ඒක තමයි හ්‍යුන්.. ඇයි හ්‍යුන් මේ..? ඔයා කවද ඉදලද මෙහෙම හැසිරෙන්නෙ.?"

යුන්ගි ලගදි ජන්ග්කුක්ගෙන් පෙර දිනවල දකින්න තිබුණ හැසිරීම වෙනුවට ඒ මොහොතෙ දකින්න තිබුණ හැසිරීමෙත් සැලකිය යුතු වෙනසක් දකින්න තිබුණා. ඒ වෙනස යුන්ගිට වටාහාගන්න බැරි වෙන්න ඇති.

" කුකාහ් මම.. මම වැරැද්දක්.. මම වැරැද්දක් කරලා නෑ.. මං මේ.. මං.. මං කියන්නෙ ඇ- "

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now