_Chapter 03_

37 8 5
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

Flashback Start

වසන්තයේ ආශිර්වාදය ලද තවත් එක් සුන්දර දවසක සෝල් නගරයේ නාගරිකත්වයෙන් මිදුන නමුත් සෝල් නගරයේම තිබුණ යොන්සෙ විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය තරමක කලබලකාරී ස්වරූපයක් අරන් තිබුණා.

පැවැත් වුණ වසන්ස වැඩ මුලුව අවසානයේ ලද පැවරුම් කිහිපයක් නිසාවෙන් දෘශ්‍ය කලා පීඨයේ හැම ශිෂ්‍යයෙක්ම හිටියෙ නොසෑහෙන කලබල වෙලා වුණත් ඒ අතර කිසිදු කලබලකාරී බවක් හෝ නොඉවසිලිවන්ත බවක් නොතිබුණ තවත් එක් අයෙක් හිටියා.

ඒ කලබලකාරී පරිසරයෙම මේපල් ගස් සමූහයකින් වට වුණු එක් නිස්කලංක එළිමහනක සුදු පැහැති කඩදාසියක් මත හිතුමතේ නොයෙක් වර්ණ විසුරුවමින් සිටි තරුණයෙක් ලග එක් සුවිශේෂී වූ ඇස් දෙකක් නතර වෙලා තිබුණා.

හිම සුදු වර්ණයට සමාන වුණු හිසකෙස් හිමි ඔහුගෙ සමේ පැහැයත් ඒ හිම වර්ණ සුදටම සමාන කරන්න පුලුවන් වුණා. විටෙක සුදු කඩදාසිය මතටත් විටෙක අතෙහි වුණ වර්ණ පුවරුව මතටත් ගමන් කරන ඔහුගෙ දෑස් ගන අන්ධකාරය පරදන කලු වර්ණය ගෙන තිබුණෙ සුදු වර්ණය තේමාව කරගෙන හිටිය ඔහුට විරුද්ධත්වය පාන්නට වගෙයි. වරින් වර යන්තමින් විවර වෙන වැහෙන ඔහුගෙ රත් පැහැ දෙතොල් ඔහුට තරමක සරාගී බවක් ගෙන දීලා තිබුණත් ඔහු එයින් උදම් නොවුන බව ඔහුගෙ හැසිරීමෙන් දකින්නට පුලුවන් වුණා.

" යාහ් මින් යුන්ගි.. ඔය වැඩේ ඉවර වෙලා මේකත් ඇදල දෙනවකො.. ඔන්න අදින්න හොදේ.. මට අද පොඩි විශේෂ වැඩක් තියෙනවා. "

ඔව්.. ඔහු නමින් මින් යුන්ගි. යොන්සේ විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ තෙවන වසර විද්‍යාර්ථියෙක්. නිකන්ම නිකන් විද්‍යාර්ථියෙක් කියනවට වඩා දක්ෂතම විද්‍යාර්ථියා කිව්වොත් මං නිවැරදියි.

කෙතරම් දක්ෂ වුණත් ඔහු සතුව තිබුණ වෙනස්ම වූ ගතිගුණ නිසා ඔහු අන්අය අතර ප්‍රසිද්ධියට පත් වුණේ දක්ෂයෙක් කියනවට වඩා ඔහු සැමගේම වැඩ කර දෙන එක්තරා අයෙකුට දේවදූතයෙක් ලෙසත් තවත් අයෙකුට මෙහෙකරුවෙකු ලෙසත් වීම විශේෂත්වයක් වුණා.

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now