_Chapter 08_

26 9 4
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

" ලෙ..ලේ.."

" අනී අනියා.. අන්ද්වේඒ..."

ජීහිගෙ රුව දෑස්වල ඇදි ඇදි මැකෙද්දි දෑතින් හිස බදාගත්තත් එක් ක්ෂණයකින් තම එක අතකින් ගලන රක්ත වර්ණ රුධිරය දුටු යුන්ගි අසාමාන්‍ය විධියට බයට පත් වුණා.

" අනියා.. අනියා.. ම..මට ඕන වුණේ නෑ..."

" අනි.. අන්ද්වේ..."

හිටි තැනින් නැගිටපු යුන්ගි කලබලෙන් වටපිට බලන ගමන් අඩ අදුරේ ඉදිරියට දුවන්න ගත්තේ සිහිවිකල්ලෙන් වගේ දොඩවන ගමන්.

නොදැනුවත්ව වුණත් ඔහු සෑහෙන දුරක් දිව ගියා. තබන තබන පියවරක් පාසාම යුන්ගි නගරාසන්න ප්‍රදේශයෙන් ඈත්ව ග්‍රාමීය ප්‍රදේශය කරා ඇවිත් තිබුණ නිසා පරිසරයද පෙරට වඩා අදුරු වගේම පාලු ස්වභාවයක් ඉසිලුවා.

" ව..වතුර.. ච්..චෙ..චේබල්... මට වතුර ඕනේ.."

යුන්ගි හිටියෙ සම්පූර්ණයෙන්ම සිහියෙන් තොර වෙලා වගෙයි. ඔහුගෙ කලු පැහැ හිසකෙස් අවුල් ජාලාවක් වෙලා තිබුණා. වේදනාවෙන් හා බියෙන් රතු පැහැයට හැරිලා තිබුණ දෑස් වලින් නොනවත්වා කදුලු ගලමින් තිබුණා. ඔහුගෙ මුහුණ වගේම දෙතොල්ද සුදුමැළි වෙලා තිබුණා.

යුන්ගි ඇගලාගෙන සිටි කලු පැහැති කබාය එක් උරහිසකින් පහතට එල්ල වැටුනත් ඔහුට එය සකසාගන්නට තරම් සිහිකල්පනාවක් තිබුණෙ නෑ.

සැවොම නිදන පාලු මූසල රාත්‍රියක ඒ මොහොතෙ ඒ මාවත දිගේ අයෙක් ගමන් කලා නම් ඒ මින් යුන්ගි විතරමයි. සමහර විටෙක යමෙක් ඔහු සිටි ස්වරූපයෙන් ඒ මොහොතෙ ඔහුව දුටුවානම් මට විශ්වාසයි ඔවුන් බිය වේවි, වැම්පයරයෙක් ලේ පිපාසයෙන් උමතුව මග දිග දිවයනව කියලා..

" ව..වතුර ටික..ක් ම.මට වතුර ඕ..නේ "

තව දුරටත් දිවයන්නට තරම් ශක්තියක් යුන්ගිට ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඔහුගෙ ගමන බඩගා යෑමකටත් වඩා අන්ත වුණා.

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now