_Chapter 07_

25 9 10
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට
නොහැකිද එක් උණුසුම් වැළඳ ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට.."

~~~~~~~~~~


Few Days Leter

කාලය අන් සැමටම වඩා වේගවත් බව පසක් කරමින් දින ගනනාවක් ගෙවිලා ගිහින් තිබුණෙ ඇතැමෙකුගෙ ජීවිතවල විවිධාකාර වූ වෙනස්කම්රැසක් ඇති කරමින්.

කිසි දිනෙක මධුවිත වල රසයක් ආස්වාදයක් නොදැකපු නොවිදපු යුන්ගි දින කිහිපයකින් ඒ මධුවිතම ඔහුගෙ ආගම කොට සළකන බැතිමතෙක් වෙලා හිටියා. අදහාගත නොහැකි විදියට ඔහු පලපුරුදු මධුවිත පානය කරන්නෙක් වෙලා තිබුණා.

ස්වේත වර්ණයේ තමන්ගෙ ජීවන පැහැය කරගෙන සිටි යුන්ගි ස්වේත වර්ණය ඔහුගෙ ජීවිතෙන් ඉවත් කරලා දාලා තිබුණෙ හැමදාමත් ඔහුට වටහාගත නොහැකි වුණ ජන්ක්කුක් හදුනාගත් කාල වර්ණයේ තිබෙණ රස ආයාසයෙන් වටාහන්න උත්සහ කරමින් වගෙයි.

ස්වේත වර්ණ කර තිබුණ ඔහුගෙ හිසකෙස් කාල වර්ණයට වෙනස් වී තිබුණා. දින පතා ඔහු ඇගලූ ස්වේත වර්ණ උඩු කබාය කාල වර්ණ ගෙන තිබුණා. මුල සිටම කාල වර්ණ වුණු ඔහුගෙ දෑස් තව තවත් අදුරු පැහැ කරන්නට ඒ දෑස්වලට ලැබුණ නවමු උත්තේජන සමත් වෙලා තිබුණා.

රාත්‍රිය උදා වෙලා හෝරා කිහිපයක්ම ගෙවී ගිහින් තිබුණා. වෙනදා රාත්‍රිය උදා වෙන්නටත් පෙරම සමාජ ශාලාව අසලට වී එය විවෘත කරන තුරු බලා සිටින යුන්ගි එදින සමාජ ශාලාව වෙත පැමිණෙන විටත් වෙනද නොවුණ තරම් ජනාකීර්ණ බවක් වගේම ඝෝශාවකුත් එහි දකින්න තිබීම විශේෂත්වයක් වුණා.

' ඇයි අද මේ තරම් මෙතන කලබල..?'

වටපිට බලමින් සමාජශාලව තුළට ඇවිද ගිය යුන්ගි සුපුරුදු රුව බලාපොරොත්තුවෙන් බා'ර් එක අසලට ඇවිද ගියත් පෙරදින වල මෙන් ඇය එහි දකින්න වුණේ නැහැ.

' අද එයා ඇවිත් නැද්ද.? එහෙම නැත්තන් මට අද එයාව මගෑරුණද.?'

බා'ර් එකේ එක් උස පුටුවකින් අසුන් ගත් යුන්ගි වේටර්වරයා විසින් ඔහුට ලබා දුන් වයිට් ඇපල් වර්ගයේ මධුවිත පිරි කුඩා වීදුරුවක් තොලගාන්න පටන්ගත්තත් ඔහුගෙ දෙනෙත් බොහෝ කාර්‍යබහුල වෙලා තිබුණා.

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now