_Chapter 15_

19 8 0
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

ඇයගෙ මුහුණ රත් පැහැයට හැරිලා දාඩියෙන් තෙත්වෙලා තිබුණා. ගැහෙමින් තිබුණ අත් දෙක එකට මිරිකලා අල්ලගත්තු ජිසූ බර හුස්මක් උඩට ඇදගෙන හිටපු තැනින් නැගිටල ඇගේ ගමන් මල්ල කරට දාගත්තා.

" යායාහ්.. තමුන් කොහෙද යන්න යන්නෙ.?"

ජිසූගෙ මූණ ඉස්සරහට පැන්න ජන්ග්කුක් මහ හයියෙන් එහෙම අහද්දි ජිසූව පස්සට විසි වුණත් ඇය ජන්ග්කුක්ව පහු කරගෙන ඉස්සරහට යන්න ගියා.

" මං තමුන්ගෙන් අහන්නෙ හැනා ඇන්ඩර්සන්.. තමුන්ට හරියට ඇවිදගන්නවත් බැරුව තමුන් කොහෙද යන්න යන්නෙ.?"

එවර ජිසූ ජන්ග්කුක්ගෙ ශක්තිමත් දෑත් අරතරට මැදි වෙලා හිටියා.

" මට යන්න දෙන්න ජන්ග්කුක්.."

ජන්ග්කුක්ගෙ මූණ දිහාවත් නොබලා ජිසූ මුරණ්ඩු විදියට කියද්දි ජන්ග්කුක් ජිසුගෙ නිකටෙන් අල්ලලා ඇයගෙ මූණ තමන් දිහවට හරව ගත්තා.

" මෝඩ වැඩ කරලා ඒක අහුවුණා කියල දැනගත්තම මුකුත් නොවුණ ගානට පැනල යන එක නෙමෙයි වැඩේ.. ඕනම දේකට මූණ දෙන්න ශක්තිමත් වෙනවා. අනික තමුන් කරපු කිසිම දෙයක් වැරැද්දක් විදියට මම දකින්නෑ. ඒක මම වැරැද්දක් විදියට දකින්නෑ කියන්නෙ මගෙ හ්‍යුන් ඒක කොහොමටවත් ගනන් ගනී කියලා මම හිතන්නෙ නෑ.."

" මට යන්න දෙනවා "

ඔලුව ගස්සල අනිත් පැත්ත හරවලා ජන්ග්කුක්ගෙන් ගැලවෙන්න උත්සහ කරන ගමන් ජීසු එහෙම කියද්දි ජන්ක්කුක් ඇයගෙ උරෙස් තදින් මිරිකලා අල්ල ගත්තා.

" මට රිදෙනව ජන්ග්කුක් අතාරිනව මාව.."

" ඔයා දැන් ඒ හිටපු පොඩි කෙල්ල නෙමෙයි හැනා. ඒ කාලෙ ඒ සිද්ධි හැමදේම අතීතෙට එකතු වෙලා ඉවරයි. ඒ හැමදේම හරියට දන්නෙත් ඔයයි මමයි මගෙ හ්‍යුනුයි විතරයි. බොරුවට නටන්නැතුව මෙන්න මෙහෙට වෙලා ඉදල වැඩ ටික ඉවර කරගන්නවා."

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now