5

1.3K 281 27
                                    

'ආශ් මේ යෝදයා මොන මගුලක් ගිලලද මෙච්චර බර... අයියෝ මගේ කොන්ද... නැගිටීවිනේ එතකොට බලාගමු කෝපි කාරයා... ආ මාව ෆලෝ කරා මදිවට දැන් කරෙනුත් යනවා... මේව සේරම ඩෑඩ්ගෙ වැරදි... මට යන්නත් වෙලා යනවා... දාල එන්නයි තිබ්බේ මගෙත් හිත හොද වැඩී මේකව උස්සන් ආවනේ මමත් ඉතින්' ජන්කුක් මේ බනින්නේ වෙන කාටවත් නෙවෙයි එයාගේ පිට උඩ සැප නින්දක ඉන්න ටේහ්යුංට...

ටේහ්යුං කලින් ක්ලබ්ස් වලට ඇවිත් පුරුදු කෙනෙක් නෙවෙයි... ඒවගෙන් එන මියුසික් සද්දෙ, සැර ගදවල් , සිගරට් දුම් නිසා ක්ලබ් එකට ඇතුල් වෙද්දිම ටේහ්යුංගේ ඔලුව රිදෙන්න ගත්තා... ඒත් ජන්කුක්ව හොයාගන්න ඕන නිසා ඔලුව රදේ පැත්තකට දාලා එයා ආවා... ඒත් ඉතින් ජන්කුක් කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කම එයාට ගොඩක් දුක හිතුනා... පපුවත් රිදෙන්න ගත්තා... ඔලුවෙන් එන වේදනාවත්, පපුවත් රිදෙන්න ගත්ත නිසා ටේහ්යුංව සිහිය නැතුව ඇදගෙන වැටුනේ ජන්කුක් ඔඩොක්කුවේ උන්න කෙල්ලව උස්සලා විසික් කරලා ටේහ්යුං ලගට යද්දීමයි...

වෙලා තියෙන දේ තේරුම් ගත්ත ජන්කුක් ඉක්මනින් ටේහ්යුංව එක්කගෙන කා එකට ආවා... ටේහ්යුංගේ කා එක එතනම ලොක් කරලා ජන්කුක් ටේහ්යුංව දාගෙන හොස්පිට්ල් එකට ගියා... එතනදී ඩොක්ටර් ජන්කුක්ට උන දේ කියලා ටේහ්යුංට ටිකක් නින්ද යන බෙහෙතක් දුන්නේ ඔලුව රදේ අමාරුව ඇරිල යන්න ඕන නිසා... ටේහ්යුංට බේත කොච්චර ඇගට අල්ලලාද කියනවා නම් බිමට වැටුන තුන් පාරවත්, බිත්තියේ ඔලුව හැප්පුන දෙපාරවත්, කා එකේ වහලේ ඔලුව වැදුන පාරවත්, බ්‍රේක් එකක් ගහපු වෙලේ සීට් එකෙන් විසික් උන වෙලේවත් ටේහ්යුංට ඇහැරුනේ නෑ... හැබැයි එක දෙයක් නම් කියන්න පුලුවන් ඒ ටේහ්යුං ඇහැරුනම කලින්ට වඩා ලොකු අමාරුවකට මූණ දෙනවා කියලා...

ටේහ්යුං හිතුවට වඩා බර වැඩි වීමත්, ජන්කුක් උන්න තැනට පඩි පෙලෙන් යන්න උන හේතුවත් නිසා ජන්කුක් ගෙදර ගාවට යද්දී බාගෙට මැරිලා... පඩියක් නගින නගින සැරේට එයා ටේහ්යුංට බැන්නා... අන්තිමට ජන්කුක් ටේහ්යුංව බොහොම අමාරුවෙන් එයාගේ අපා'ට්මන්ට් එක අරගෙන ආවා... ටේහ්යුංගෙන් මේ වෙද්දිත් හීන් ගෙරවිල්ලක් විතරක් ඇහුනා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now