11

1.2K 275 14
                                    

"ජන්කුක්" මිස්ටර් ජෙයොන් ජන්කුක්ට කතා කරා... දවස් දෙකකට කලින් ජෙයොන් ආපහු වතාවක් කොරියාවට ආවා... ජන්කුක් උන්න තත්වේ හොද නැති නිසයි එයා ආපහු කොරියා එන්න ලොකුම හේතුව උනේ...

"ජන්කුක් ප්ලීස් මේ කෑම ටික කන්න දරුවෝ" දවස් දෙකක් වතුර ටිකකින් විතරක් ජීවත් වෙන ජන්කුක් ලගින් වාඩි උන ජෙයොන් ජන්කුක්ට සුප් හැන්දක් පොවන්න උත්සාහ කලා... ඒත් ඔලුව අනෙක් පැත්තට හරවලා ඒක ප්‍රතික්ෂේප කරපු ජන්කුක් ආපහු වතාවක් ජෙයොන්ගෙන් ඇහුවේ එකම දෙයක්...

"ජන්කුක් ප්ලීස් මගෙන් ඔය දේ විතරක් ඉල්ලන්න එපා... මට ඒක කරන්න බෑ" ජෙයොන් ජන්කුක්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා... දවස් දෙකක් තිස්සේ ප්‍රතික්ෂේප කලා...

"ඩෑඩ් මට දැනගන්න ඕනා... ප්ලීස් හැම දෙයක්ම කියන්නකෝ මට... ඇයි හංගන්නේ? ඔය දේවල් හංගන්න ඕන නම් මොකටද මාව කොරියාවට ආපහු එව්වේ? ටේහ්යුං, ජිමින් කවුද? එයාලට මාත් එක්ක තිබ්බ සම්බන්දේ මොකක්ද? මට දැනගන්න ඕනා... ප්ලීස් ඩෑඩ් ප්ලීස්" ජන්කුක්ට ඕන උනා පැටලැවිලා තියෙන හැම දෙයක්ම දැනගන්න... මුලදී වැරදියට හිතුවත් ටේහ්යුං, ජිමින් දෙන්නා වෙන කෙනෙක්ට පටලවගෙන කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා ජන්කුක්ට තේරුනාම ජන්කුක්ට ඕන උනා එයා නොදන්න දේවල් දැන ගන්න... ඒ ගැන හොදටම දන්නේ ඩෑඩ් නිසයි ඩෑඩ්ගෙන් ඇහුවේ... ඒත් ජෙයොන් කිසිම වෙලාවක ඒ දේවල් කියන්න කැමති උනේ නෑ...

"ඔයාට ඕනා මං මැරෙනවා දකින්නද?" ජන්කුක් අවසානෙට ඇහුවා... ජන්කුක් කියන්නේ කියන දෙයක් කරන්න කිසිම වෙලේක පසුබට වෙන ලමයෙක් නම් නෙවෙයි... ජන්කුක් ඇත්තටම කරදරයක් කර ගනී කියලා ජෙයොන් බය උනා...

"මොනවද ජන්කුක් කියවන්නේ? ප්ලීස් මේ දේවල් ඇති... අ-අපි ආපහු ඇමෙරිකා යමු..." ජෙයොන්ට ඕන උනේ නෑ ඇත්ත කියන්න... ඇත්ත කියනවට වඩා ආපහු යන එක හොදයි... ඒත් ලොකු උනත් පොඩි උනත් වේදනාව වේදනාවම තමයි...

"ආපහු යන්න ඕන නම් ඇයි මාව ගෙනාවේ?"

"මං දන්නෙ නෑ... මං පොරොන්දු උනා මට පොරොන්දුව කඩන්න බෑ ඔයාගෙ ඔම්මා-

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now