26 [END]

2.5K 360 271
                                    

දවසක් විතර එයත් එක්කම වාද කරගත්ත ජන්කුක් අන්තිමට කොරියාවට යනවා කියලා තීරණය කලා... ඒත් එයාට එකපාරටම යන්න බැහැ මොකද එයා මෙහේ degree එක කරන්න සේරම දේවල් සූදානම් කරගෙන ඉවර නිසා... ඉතින් එයාට ටික කාලයක් පැරිස් වලම නතර වෙන්න සිද්ධ උනා...

ඔය කාලේ ඇතුලේ ටේහ්යුං ජන්කුක් ගැන හිතමින්ම එයාගේ degree එකේ වැඩත් කර ගත්තා... ටේහ්යුං සංගීතය පැත්තෙන් විතරක් නෙවෙයි business පැත්තෙනුත් degree එකක් complete කරගෙන ගියේ අනාගතයේ කිම් කම්පැනි එක බාරගන්න ඉන්නේ එයා නිසා... දවස් දෙක තුනකට පස්සේ ටේහ්යුං දැන ගත්තා ජන්කුක්ට එකපාරටම මෙහාට එන්න බෑ එයා එයාගේ degree එකේ වැඩ වලට හිර වෙලා කියලා... ඉතින් එයා සතුටු උනා ජන්කුක් මහන්සි වෙලා වැඩ කරන එකට...

-After six months-

මාස හයකට පස්සේ ටේහ්යුංලගේ graduate date එක ආවා... ටේහ්යුං, ජිමින් දෙන්නම හොදින් වැඩ ටික කරගෙන යුනිවර්සිටි එකේ එයාලගේ බැජ් එකේ දක්ෂම ශිෂ්‍යයෝ අතරට ආවා... ඔය අතර ජන්කුක් පැරිස් වල එයාගේ වැඩ කටයුතු කරගෙන ගියා... ජන්කුක්ට ජොබ් එකක් ඕන කිව්ව නිසා ජෙයොන් ජන්කුක්ට ඒක දිගටම කරගෙන යන්න දුන්නත් ජන්කුක් නැවතිලා ඉන්න හෝටලයේ බිල යුනිවර්සිටි එකේ පීස් එයා ගෙවලා දැම්මා... ඒත් ටේහ්යුංලගේ graduation එකට දවස් දෙකකට කලින් ජන්කුක් පැරිස් වල එයා කර කර හිටිය degree එක කොරියාවට මාරු කරගන්න පුළුවන් උනා... ඉතින් ජන්කුක් දැන් ඉන්නේ කොරියාව තුලයි...

ඒත් ඇත්තටම ජන්කුක් ආව විත්තිය ගැන දැනගෙන උන්නේ මිස්ටර් ජෙයොන් විතරයි... surprise එකක් වෙනුවෙන් ජන්කුක් ඒක ගැන අනිත් අයගෙන් හැංගුවා...

ටේහ්යුං, ජිමින් දෙන්නම හැමෝගෙම අත්පොලසන් නාදය මැද එයාලගේ degree ගත්තා... ජින්, නම්ජූන් දෙන්නට හුගාක් සතුටුයි... ඒ වගේම ජිමින්ගේ පවුලේ අයත් සතුටු උනා... හැමෝම සතුටින් ඒත් ටේහ්යුං ටිකක් දුකින්,

"ටේ එන්නකෝ අර ගෑනු ලමයි එක්ක පොටෝ එකක් ගමූ..." ජිමින් යුන්ගී ආව නැති එකට පලි ගැනීම පෙරටු කරගෙන එයාලගේ බැජ් එකේ ගෑනු ලමයි වගයක්ව පෙන්නලා ටේහ්යුංට කිව්වත් ටේහ්යුං එයාගේ පෝන් එක දිහා බලාගෙනයි උන්නේ...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now