20

1.2K 287 55
                                    

ටේහ්යුං කලබලෙන් නැගිට්ටාම ජිමින් ටේහ්යුංගේ අතින් ලියුම තිබ්බා... ඇස් පුංචි කරලා ලියුම දිහා බලපු ටේහ්යුං ඒක කියවන්න ගත්තේ ඉකියකුත් එක්කමයි....




Hi jungkook,

කොහොමද කුකී බබා මං ඔයාගේ හියුන් ජන්ගුක්. ඔයා මේක කියවනවා කියන්නේ තව දුරටත් ඔයා ලග මං නෑ කියලයි හොදද?

ඔයා හොදින්ද? ඔයාගේ තුවාල දැන් හොද වෙලත් ඇති නේද?

හියුන්ට ගොඩක් සතුටුයි ඔයා හොදින් ඉන්නවා නම්. හියුන් ඉන්න තැනක ඉදන් ඔයා දිහා බලාගෙන ඉන්නවා හොදද? හියුන් ඔයාට පැලෙන්න ආදරෙයි...

හියුන්ගේ මරණෙට ඔයා වැරදී කියලා හිතනව නම් මේ දැන්ම ඔයා ඒක හිතින් අත ඇර ගන්න ඕනා එහෙම නැත්නම් මං ඔයාට හොයාගෙන ඇවිත් ගහල යනවා... හියුන් ඔයාට ලේ දුන්නේ ගොඩක් ආදරයෙන්, කැමැත්තෙන් තේරුනාද?

හියුන්ට සතුටුයි... ඔයා හොදින් නම්-

මං දන්නවා ඔයා මේ වෙද්දී මගේ ඩයරි එක කියවලා ඇති කියලා. මොකද මං මේ ලියුම ඒක අස්සටයි දාන්නේ..

හියුන් ආදරය කරන කෙනා ගැන දැනගත්තද? ඔයාට එයාව මීට් උනාද? හම්බුන ගමන් කනට එකක් ගහන්න කුකී එයා මාව හොයන්නවත් ආවෙ නැති එකට හොදද?

ඔයා ඩයරි එකේ අවසාන පිටුව කියෙව්වනම් එදායින් පස්සේ මොකද උනේ කියලා දැනගන්න ආස ඇති නේද? මං මේකෙන් ඔයාට ඒ ගැන කියන්නම්.. මොකද ඒක ට්වින් රහසක්!

එදා කිව්ව වගේම මං පහුවදා අප්පගෙන් ඇහුවා ඇයි ඔහොම ඉන්නේ? සල්ලි ප්‍රශ්නයක්ද? කතා කරලා විසදගමු කියලා. ඒත් එයා ඇඩුවා. මාව බදාගෙන හොදටම ඇඩුවා. මං අප්ප අඩනවා දැකල නැහැ කුකී, අපිට සල්ලි මදි උන වෙලාවල් වල, කන්න නැතුව උන්න දවස් වලවත් අප්පා අඩනවා මං දැකල නෑ...

ඒත් එදා අප්පා හොදටම ඇඩුවා. ඔයා තරම් මං ශක්තිමත් කෙනෙක් නෙවෙයි ඉතින් කෙනෙක් මං කියන්නේ අපේ අප්පා අඩද්දී මට දරාගන්න බැරි උනා. මමත් ඇඩුවා 'මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න' කියලා මං ඇඩුවා. ඒත් එයා කිව්වේ වෙන දෙයක්-

"ගුකී මට සමාවෙන්න දරුවෝ... මට සමාවෙන්න මෙච්චර කල් බොරුවක් කරලා, බොරු කියලා ඔයාට මෙච්චර දුක් දුන්නට සමාවෙන්න... මට සමාවෙන්න ඔයාගේ ඔම්මවයි, මල්ලිවයි ඔයාගෙන් හැංගුවට"

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now