10

1.3K 289 48
                                    

"පූස් ඉක්මනට එලියට එනවා..." ජිමින්ගේ කෑ ගැහිල්ලට යුන්ගී විතරක් නෙවෙයි ජන්කුකුත් බය උනා... යුන්ගිව දොර ගාවට ගියා නෙවෙයි යැවුනා... දොරේ අගුලට අත තියලා ආපහු අත ගත්තේ මේක ඇරලා මැරෙනවද? නැත්නම් පැනල යනවද? කියලා කල්පනා කරන්න... අන්තිමට කොහේ පැනල යන්නද කියලා හිතලා යුන්ගී දොර ඇරියා...

දොර ඇරපු හැටියේ ජිමින් යුන්ගිගේ ඇගට පැනලා කන අල්ල ගත්තේ යුන්ගිගේ ගෝලයොයි, තාමත් සෝෆා එකේ ඉදන් ගල් ගිලලා වගේ බලාගෙන ඉන්න ජන්කුකුයි කට්ටියවම ආපහු සැරයක් පුදුම කරලා... කවුද යකෝ සුගා කියන මාෆියා නායකයගේ කන අල්ලන්න තරම් නිර්භීත! අද එයාලට තේරෙන්න ඇති ඒකට නිර්භීත එකම එක්කෙනා ජිමින් කියලා...

"තමුසෙගේ ගොබ්බ ගෝලයෝ ටික හරියට වැඩේ කලෙත් නෑ අන්තිමට අහිංසක මං ගුටිත් කාලා බැනුනුත් ඇහුවා... තමුසෙගේ මහ ලොකු සෙට් එකව යවනවා මොන්ඩිසෝරියක් බලා ගන්න රෙද්ද" ජිමින් යුන්ගිගේ කන මිරිකගෙන කෑ ගහද්දී අඩන්න බැරි කමට යුන්ගී තොල් හපාගෙන වේදනාව දරා ගත්තා... ඇස් වලට කදුලු එද්දී ඇහි පිල්ලම් ගහලා ඒවා ආපහු ඇතුලට යවා ගන්නත් යුන්ගිට පුලුවන් උනා...

"ඉහී ඉහී හියුන් මට බොරු කියලා සත පහක වැඩක් නැති අයවයි එවල තියෙන්නේ මං තරහයි ඔයත් එක්ක..." ජිමින් යුන්ගිගේ කං අත ඇරලා යුන්ගිගේ පපුවට ගගහා අඩන්න ගත්තාම යුන්ගි ජිමින්ව බදා ගත්තා... දොර ලග ඉදන් කටවලුත් ඇරගෙන බලාගෙන ඉන්න සෙට් එකට රැව්වාම එයාලා දොර වහගෙන යන්න ගියා... ඒත් ඇතුලේ තවම ජන්කුක් ඉන්නවා...

"හරි ජිමින්... කෝ අඩන්න එපා බලන්නකෝ හියුන් ඔයාට බොරු කලේ නෑ බබා... අඩන්න එපා" යුන්ගි පුලුවන් උපරිමයෙන් ජිමින්ව නලවන්න උත්සාහ කලත් මුරණ්ඩු ජිමින් තව තවත් අඩන්න ගත්තේ යුන්ගී ලමයෙක් නම් ජීවිතේට එපා කියලා එයාටම පොරොන්දු වෙද්දී...

"ඉහී ටේහ්යුං මට බැන්නා... එයා තාමත් අරයගේ පැත්තමයි ගන්නේ ඉහී... මට කවුරුත් නෑ කවුරුත්ම නැතෝ..." ජිමින්ගේ කිඹුල් කදුලු වලට සැලෙන්නේ යුන්ගිම විතරයි කියලා දන්න නිසානේ එයා තකහනියක් යුන්ගිව හොයන් ආවේ...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now