12

1.2K 272 25
                                    

"බොස් JK එන්න බැහැ කිව්වා" ඩැනියල් කිව්වේ සෝෆා එක උඩ කකුලක් පිට කකුලක් දාගෙන සිගරට් එකක් උරන සුගාට... JK බැහැයි කිව්ව පලවෙනි වතාව මේක නෙවෙයි ඒකත් කොරියාවට ආවට පස්සේ...

සතියක වෙලේ ඉදලා ජන්කුක් ගෙදරින් එලියට බැස්සෙවත්, කාවවත් හම්බුනේවත් නෑ... සුගාගේ කෝල්ස් පවා ගොඩක් වෙලාවට ආන්සර් කලේ නෑ... ආන්සර් කරන වෙලාවට වැඩේට කැමති නෑ කියලා ඉක්මනට පෝන් කෝල් එක කට් කරලා දානවා... ජන්කුක්ගේ වෙනසට හේතුව සුගාට ගැටලුවක් උනත් හොයන්න ගියේ නෑ...

"වෙන කෙනෙක් යවන්න... එයා ආපහු එනකං වැඩ ගැන කියන්න ඕන නෑ" සිගරට් එක විසික් කරලා සෝෆා එකෙන් නැගිටින ගමන් සුගා අන කලා...

"ඒත් බොස් මේක ලොකු වැඩ- ඕකේ බොස් මං එහෙම කරන්නම්" සුගාගේ බැල්ලමට බය උන ඩැනියල් ඉක්මනට එතනින් එලියට ගියා...

කාටවත් පස්සෙන් එන්න එපා කියලා අණ කරපු සුගා එයාගේ වාහනේ කෙලින්ම හැරෙව්වේ පාර්ක්ලගේ ගෙදරට... වේගෙන් ඩ්‍රයිව් කරගෙන ආව යුන්ගී(සුගා) අවසානයේ පාර්ක්ලගේ ගෙදර ලගින් වාහනේ නතර කරලා හෝන් එක ගැහුවාම දුවගෙන ඇවිත් ගේට්ටුව ඇරියේ ජිමින්... එලියට චන්ඩි, මනමාලයෙක් උනත් ජිමින් ගෙදර අයට පුංචි තාරා පැටියෙක්...

"පූස්..." කා එකෙන් බහිනවත් එක්කම දුවගෙන ගිහින් කරට පැන්න ජිමින්වත් උස්සගෙනම යුන්ගී ගේ ඇතුලට ගියා...

"හනේ හනේ හියුන්ට ඉන්න දෙන්න ලමයෝ... බලන්න ඔයා දැන් ලොකු ලමයෙක් ඔය හියුන්ගේ කරෙන් බහින්න" ජිමින්ව උස්සගෙන එන යුන්ගිව දැක්ක මිසිස් පාර්ක් ජිමින්ට සැර කරා... ඒත් ජිමින් එයාගේ පූස්ගේ කරෙන් බහීද? අපෝ නෑ මොකද ජිමින් හිතන විදිහට යුන්ගි කියන්නේ එයාගේ පෞද්ගලික දේපලක් වගේ...

"කමක් නෑ ආන්ටි කෝමත් මෙයා මාව පටලෝන මරාල වලට වඩා කරේ ගෙනියන එක හොදයි" ලාවට හිනා වෙලා එහෙම කිව්ව යුන්ගී ජිමින්වත් උස්සගෙනම ජිමින්ගේ කාමරේට ආවා...

"පූස් මං ඔයාට කිව්වද ඔයා ගාන ප'ෆියුම් එක සැර වැඩී කියලා... මගේ නහය කඩාගෙන ගියා වගේ" කූඩැල්ලෙක් වගේ යුන්ගීගේ ඇගේ එල්ලිලා ඉන්න ජිමින් නෝක්කාඩුවට වගේ ඇහුවා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Wo Geschichten leben. Entdecke jetzt