8

1.2K 276 24
                                    

ඊයේ ගෙදර එද්දී ටේහ්යුං නොහිටිය එක ගැන ජන්කුක් ඇත්තටම සතුටු උනා... ටේහ්යුංගේ හැසිරීමට ජන්කුක් අකමැති උනත් මොකක්හරි දෙයක් නිසා ජන්කුක්ගේ ශරීරය රියැක්ට් කරන එකට ජන්කුක් ඇත්තටම වෛර කලා... කාටවත් යටත් වෙලා ජීවත් වෙන්න අකමැති ජන්කුක් ටේහ්යුං ලගදී යටත් වෙන එකට එයා වෛර කලා... සුගා දැන ගත්තොත් මේ වෙන දේවල් ඒක ජන්කුක් ගැන සුගා තියලා තියෙන විශ්වාසයට කැලලක් වෙනවා කියලා දන්න නිසාම ජන්කුක් ඒ දේට ගොඩක් ගොඩක් වෛර කලා...

ඇත්තටම යුනිවර්සිටි එකට යන එක වදයක් උනත් දුන්නු පොරොන්දුවක් නිසා ජන්කුක්ට යුනිවර්සිටි එකට යන්න සිද්ධ උනා... ඉක්මනට ලෑස්ති වෙලා යුනිවර්සිටි එකට ගියපු ජන්කුක් හැමෝගෙම අවදානය අරගෙන ලෙක්චර් හෝල් එකට ගියා...

තියෙන විශය ගැනවත් වැඩි සැලකිල්ලක් නැති ජන්කුක් ඔහේ පුටුවක පැද්දි පැද්දි උන්නා... ලෙක්චර් එක කරන ප්‍රොෆෙසර් ඇතුලට ආවත් ජන්කුක් ඔහේම උන්නා... ඒත් ජන්කුක්ට වැඩි වෙලාවක් එහෙම ඉන්න උන්නේ නැත්තේ ප්‍රොෆෙසර් එක්කම වගේ ඇතුලට ආව කට්ටියව දැකලා...

"අද ලෙක්චර් එක සීනියර් බැජ් එකේ අයටත් වැදගත් එකක් නිසා එයාලත් ලෙක්චර් එකට සහභාගී වෙනවා..." ප්‍රොෆෙසර් කිව්වාම ඔලුව නමලා ආචාර කරපු සීනියර් බැජ් එකේ ලමයි ඉඩ තියෙන තියෙන තැන් වලින් වාඩි උනා... කිසිම හැගීමක් නැතුව ජන්කුක් ලගින් ඇවිත් වාඩි උනේ ටේහ්යුං... හරියට ජන්ගුක්-ටේහ්යුං මුලින්ම කතා කරපු දවසේ වගේ...

ටේහ්යුං එයාගේ පපා ජින් කිව්ව විදිහට එයාටත් ගුකීටත් විශේෂ උනු අවස්ථා ආපහු පාරක් ඒ විදිහටම කරන්නයි ලෑස්ති වෙන්නේ... ඒකේ පලවෙනි පියවර විදිහට පලමු හමුව උන සිද්ධිය ටේහ්යුං මුලින්ම ගත්තා... අද වගේම එදත් සීනියර් බැජ් එකේ අය ලෙක්චර් එකකට ජූනියර් අයගේ ලෙක්චර් එකට සහභාගී උනා... අද වගේ නෙවෙයි ඒ කාලේ ටේහ්යුං හැම වෙලේම ඔරවගෙන ඉන්න, කාවවත් ගණන් ගත්තේ නැති, නපුරු කෙනෙක්... කිසිම හිනාවක් මූණේ නැති ටේහ්යුංට එදා ඉදගන්න කියලා තිබ්බේ ගුකීගේ එහා පැත්තේ පුටුව විතරයි...

ටේහ්යුං ඇවිත් වාඩි වෙනකංම ගුකී දැක්කේ නෑ එතනට කෙනෙක් ආව විත්තිය ගැන... එයා අද දවසේ ලෙක්චර් එකේ කොටස් පාඩම් කරන ගමන් තමයි උන්නේ... ටේහ්යුංනුත් ගානක් නැතුව ඇවිත් වාඩි උනාම ගුක් හෙමීට ඔලුව හරවලා බැලුවේ එයාගේ ඩෙස්ක් එක හෙලවුනේ ඇයි කියලා... එතකොට තමයි එයා දැක්කේ ටේහ්යුං.... කලින් එයා ටේහ්යුංව දැකලා තිබ්බේ නෑ මොකද ජන්ගුක් ලොකුවට සමාජශීලී කෙනෙක් නෙවෙයි... ගොඩක් ලැජ්ජාශීලී, අහිංසක, නිහඩ කෙනෙක් තමයි ජන්ගුක් කියන්නේ... හැමෝටම උදව් කරනවා එයාගේ හිත ගොඩක් හොදයි...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now