7

1.2K 277 38
                                    

"සොන්ග් කියපු විදිහට මිස්ටර් ජෙයොන් දැන් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි... එයා දැන් ඇමෙරිකා වල ලොකු බිස්නස්මන් කෙනෙක්... එතකොට එයාගේ වයිෆ් ඉදල තියෙන්නේ ඇමෙරිකාවේ එයාලා ජන්ගුක් ඉපදුනු කාලෙම වගේ ඩිවෝස් වෙලා තියෙනවා... ඉතින් එයා ඩිවෝස් එකෙන් පස්සෙ ඇමෙරිකා ගිහින්... ආරංචියේ විදිහට නම් ජන්ගුක්ට අනතුර වෙන වෙලේ එයා ඔම්ම එක්ක තමයි ඉදල තියෙන්නේ.. අනතුර උන වෙලේම වගේ ඔම්ම නැති වෙලා ගුක්ට අසාධ්‍ය වෙලා... අමාරුවෙන් තමා බේරගෙන තියෙන්නේ... ගුක් ටික කාලයක් කෝමා එකකත් ඉදල තියෙනවලු ටේ..." නම්ජූන් විස්තරේ පැහැදිලි කලා... මේ වෙද්දී ටේහ්යුං හොදටම අඩනවා... ගුක් හිතලම එයාව මග ඇරල නෙවෙයි එයාට අනතුරක් වෙලා... ටේහ්යුං කෝමද හිතුවේ ගුක් එයාව දාල ගිහින් කියලා... ඒත් ඇයි ගුකී ආවට පස්සේ නොදන්න ගානට හැසිරෙන්නේ? ඒක ටේහ්යුංට ප්‍රශ්නයක්!

"ටේ ඔයා කිව්ව නේද ගුකීට ඔයාව මතක නෑ කියලා... මෙහෙමයි පිපිරීමක් කියන්නේ මොලයට, ස්නායු වලට පවා බලපාන ලොකු අනතුරක් ඉතින්- මෙහෙමයි මටත් හම්බවෙලා තියෙනවා ඒ වගේ රෝගීන් අනතුරු වලින් මතකයන් නැති වෙලා... ගුකීටත් වෙන හේතුවක් නැත්නම් ඔය තරමටම ඔයාව නොදන්නවා කියන්නේ මට හිතෙන්නේ අනතුරින් එයාට මෙමරි ලොස්ට් එකක් වෙන්න පුලුවන්..." ජින් ටේහ්යුංගේ පිට අතගාන ගමන් කිව්වා... ඔව් ජන්ගුක්ට මතකය නැති වෙලා ටේහ්යුංව අමතක වෙන්න පුලුවන්! මොකද ඒක ලොකු අනතුරක්නේ...

"කවදාවත් එයාට මාව මතක නැති වෙයිද පපා?" ටේහ්යුං ඇහුවේ එයාගෙන් පිටවෙන්න යන ඉකිය වලක්වාගෙන...

"එහෙමමම කියන්න බෑ... සමහරවිට මතක් වෙන්න පුලුවන්... ඇත්තටම 80% ක් වගේ ප්‍රතිශතයකින් මතකය ආපහු එන බවට කියන්න පුලුවන්... ඒත් එයාගේ ඩැමේජ් එක අනුවයි ඉතුරු 20% වෙනස් වෙන්නේ..." ජින් විස්තර කලා... එයත් ඩොක්ටර් කෙනෙක් නිසා ඒ වගේ දේවල් ගැන අත්දැකීම් තියෙනවා නමුත් ගුකීගේ අනතුරින් උන මෙමරි ලොස්ට් එකේ තත්වය ගැන ජින්ට අවබෝධයක් නෑ...

"උත්සාහ කරල බලන්න... ඔයාටයි එයාටයි විශේෂ උන දේවල් තියෙනව නම් ඒව එයාට මතක් කරන්න උත්සාහ කරන්න..." ජින් කිව්වේ ටේහ්යුංගේ වේදනාව තේරුන නිසා... ටේහ්යුං ජන්ගුක් නැතුව කොච්චර දුක් උනාද කියන එක ජින් දැක්කා... තවත් තමන්ගේ පුතා දුක් විදිනවා බලන්න එයාට ඕන නෑ...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now