6

102 41 12
                                    

 'මේ පැල්ලම්'

' එයා මාව සිගරැට් වලින් පුච්චනවා' 

'හ්ම්ම් '

 හරිනම් මේ වෙලාවේ ඇය මාව සැනසිය යුතු වුණත්, ඇය මගේ සැමියාට බැනිය යුතු වුණත්, කිසිවක් නොකර 'හ්ම්ම්'  වචනය පමණක් කිව්වත් මට ඇය ගැන අපැහැදීමක් ඇති වුණේ නෑ ,හේතුව ඇයගේ ඇස් වල ලියවිලා තිබුණා

 මං දන්නවා කෙල්ලෙ, ඒත් මං මොනව කරන්නද...

 එදා ඉඳන් එඩ්වඩ් වෙනුවට ලිසා මං ගැන බැලුවා ; මුුලදී ජේම්ස් ඒකට අකමැති උනත් පස්සේ  එයාගෙන් කරදරයක් නෑ කියලා දැනුන නිසා ජේම්ස් උනත් ඒකට කැමැති වුණා

 මට තාමත් හිතාගන්න බැරි ඇයිජේම්ස් ලිසාව මෙච්චර විශ්වාස කරන්නේ කියලා ;හේතුව  ජේම්ස්විශ්වාසය දිනාගත්ත නරක මිනිස්සුන්ට ලිසාව කොහොමටවත්සමකරන්න  බැරි නිසා 

 ජීවිතයේ අඳුරු කාලයකට පස්සේ පුංචි ඉර එළියක් වගේ ලිසා මගේ ජීවිතයට ආවා

 දන්නවද මට එයා එක්ක කතා කරන එක් ඇත්තටම ලේසි වුණා ,මොකද මෙච්චර කාලෙකට මාව දැකපු, මගේ තත්ත්වය ගැන අහලා ඔලුව අත ගහගෙන මට අනුකම්පා කරලා  ශාප කරජේම්ස්ට බැනපු මිනිස්සුන්ට වඩා , ඒ කිසිම දෙයක්  නොකරපු, එදිනෙදා දේවල් ගැන, වෙන වෙන විනෝදජනක මාතෘකා ගැන කතා කරපු ලිසා නිසා ඇත්තටම මම හිනා උනා ගොඩක්

 දන්නවද ජීවිතය ඇත්තටම ගොඩක් නරක  තත්වයක ඉන්න මිනිස්සුන්ට ඕන අනුකම්පාවට වඩා දේවල් අමතක කරන්න උදව්වක් 

TO BE CONTINUE ...

Cold Heart [Completed ]Where stories live. Discover now