🍁 Chapter 09

161 35 53
                                    

මෙතන මොකද වුනේ කියලා මමම කියන්නම්කෝ එහෙනම්.ෆිලික්ස්,හ්‍යුන්ජින් දෙන්නව එක්කන් y/n අසොහි මින්ගි තුන්දෙනාම ඉක්මනටම ළගම තිබුනු හොස්පිට්ල් එකට ආවා.ඩොන්ගුක්වලට ළගම තිබ්බෙ සේජෝ හොස්පිට්ල් එක.ඉතින් මේ හොස්පිට්ල් එක තමයි y/nගෙ පුහුණු කාළෙ එයා වැඩ කරපු තැන.ඒක නිසා එයා අදුරන ගොඩක් අය මෙහෙදි හම්බවෙන්න පුලුවන් වුණා..

y/n's pov

මගේ යාලුවෝ නම් කීවෙ ෆිලික්ස්ට මෙහෙම වුනේ අර බෙරි ගහ නිසාම තමයි කියලා.ඒ නිල් චෙරි වර්ගෙ සන්ග්මින් කිව්වත් වගේම භයානක එකක්ලු.ඔයාලා හිතනවා ඇති මේ ඩොන්ගුක් ෆොරස්ට් එක ගොඩක් අනාරක්ෂිත තැනක් කියලා.ඒත් ඒක එහෙම නෙවෙයි.අපිටයි එතන වැරදුනෙ.මොකද අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙද්දි දෙපැත්තට තිබුනු පාරවල් දෙකෙන් අපි තෝරගත්තු පාර හරි එක නෙවෙයි.අපි ඒතෝරන් තියෙන්නෙ අධි ආරක්ෂිත කාලාපෙ.අනික් පාර තමයි සංචාරකයන්ට ඕපන් කරලා තියෙන එක.ඒත් එතන අපේ වැරද්දකුත් තිබුනෙ නෑ.මොකද මේකෙ සම්පූර්ණ වැරැද්ද තිබුනෙ එතන හිටිය ගයිඩ්ස්ලගෙ අතේ.එන්ට්‍රන්ස් එක ළග තිබුනු මැප් බෝඩ් එක හරියට ගහලා තිබ්බා නම් මේ දේවල් මෙහෙම වෙන්නෑනෙ.ඒත් ඒකෙනුත් එක හොදක් සිද්ධ වුණා.අසොහිගෙ අප්පගෙ ටීම් එක මේ දවස්වල හොය හොය හිටිය ජාවාරම් කාරයො සෙට් එකක් අල්ලගන්න අපි නිසා එයාලට පුලුවන් වුණා.ඩොන්ගුක් ආරක්ෂක කමිටුව නම් කීවෙ අපි ටික ඉතිහාසගත වෙන්නත් පුලුවන් කියලා.විශේෂයෙන් හ්‍යුන්ජින්.මොකද එයා තමා මෙතන වීරයා වුනේ.ඒ ගැන මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ....

back to the situation

@y/n's house

?? : අහ් ළමයි ටික......ඔයාලා ආවද????

bangchan : අම්මෝ මන් හිතුවෙ මුන් ටික ආයෙ එන්නැති වෙයි කියලා !

changbin : කට්ටිය අඩු නැද්ද !??

Leeknow : අනේ මේ හ්‍යුන් කතා කරන්න එපා මට නම් ගොඩක් මහන්සියි.මන් සැප නින්දක් දාන්න යනවා හනී බනී එක්ක...මෙන්න මෙහෙ එන්න හන් !!

han : බායි ගයිස් !! හායි ලේඩිස් !! අපි ගියා !!

ලේඩිස් කීවට එතන එක කෙල්ලෙක්වත් හිටියෙ නෑ ගෙදර වැඩ කරන අය ඇරෙන්න..ලී ක්නෝයි හනුයි ගෙදර ආපු ගමන් ගියේ කාමරේට..

Infinite fraternity [straykids]Where stories live. Discover now