🍁 Chapter 13

139 33 43
                                    

@y/n's house

y/n ආපහු ගෙදරට එද්දිත් හෝෂි ගෙදර හිටියෙ නෑ...ඒ වෙලාවෙ ගෙදර හිටියෙ ජොන්ග් ඉනුයි විනුයි ෆිලික්ස්සුයි හ්‍යුන්ජිනුයි විතරයි.අනිත් අය ගිය ගිය තැන්වල..

felix : නූනා !!! සුන්දරියටයි මටයි ගමනක් යන්න තියේ !!

hyunjin : අපිට හැචපච සංගමේට යන්න ඕනි මේ සතියෙවත් !!

felix : ඔව් !! අපේ කොල්ලො  සෙට් එක අපි නැතුව සාංකාවෙන් ඇත්තෙ !! අද නම් යන එක යනවාමයි !!

y/n : හරි හරි ! ෆිලික්ස් ! හ්‍යුන්ජින් ! දෙන්නම බෙහෙත් ටික හරියට බීවනම් යන්න පුළුවන්..හැබැයි පරිස්සමින් ගිහින් එන්න ඕනි හරිද !! කිම් අංකල් එක්ක යන්න..ආං එළියෙ ඉන්නවා එයා !!

කිම් අංකල් කියන්නෙ y/n ළගෙ ඩ්‍රයිවර් කෙනෙක්..

felix : අම්මෝ නූනා මේ දවස් ටිකේනම් මරු !! හෝෂි හ්‍යුන් ඉන්න නිසාද කොහෙද මෙයා මෙච්චර තැන්පත් වෙලා ඉන්නේ !!?

hyunjin : ඒක තමා !! හනීව අරන් එනවා යන්න !!!! නූනා අපි ගියා එහෙනම්...

felix : මං දාලා යනවද මගේ හනීව !! තමුන්ට වගේ මට එයාව අමතක වෙන්නෑ හරිද !!? බායි නූනා ! පසුව හමුවෙමු සොදුරිය.....

අන්තිමට ඒ දෙන්නත් යන්න ගියා..එයාලා ඔය ගියේ එයාලගෙ යාලුවො සෙට් එක හම්බෙන්න.මේ ටිකේම එක එක වැඩවලට ගිය නිසා මේ සෙට් එකට කාළෙකින් එකට එකතු වෙන්න බැරි වුණා..ඒක නිසා දෙන්නම අද එයාලව හම්බෙන්න ගියේ හරිම සතුටින්...

දැන් වෙලාව හවස 3ට විතර ඇති.දැන් ගෙදර ඉන්නෙ වින්,ජොන්ග් ඉන්,y/n විතරයි...

"බ්‍රීක් ! බ්‍රීක් !"

ආයෙත් y/nගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා...

y/n : හෙලෝ හොන්ග්ජූන් ඔප්පා ?

ඒ හොන්ග් ජූන්..මින්ගිගෙයි වින්ගෙයි ලොකු හ්‍යුන්..

joong : y/n !! මට දැන් තමා නිදහසක් ලැබුනෙ.මං ඔයා එවපු මැසේජ් එක දැක්කා.අනේ ප්ලීස් වින්ව හොදට බලා ගන්න..අපි ඕනි තරම් වියදම් කරන්නම් කොහොමහරි එයාව සනීප කරලා දෙන්න...

y/n : හරි හරි ඔප්පා ! ඔයාලා කලබල වෙන්න එපා..මේ එන සතියෙ වින්ගෙ සර්ජරි එක කරන්න මම තීරණය කරලා තියෙන්නෙ.මමයි තව ඩොක්ටර්ස්ලා දෙතුන් දෙනෙකුයි වැඩේට ඉන්නවා.ඒක නිසා ඔයාලා කලබල නොවී ඔහෙ තත්වෙ බලා ගන්න..ඉන්න මම වින්ට දෙන්නම් ෆෝන් එක.එයා ඔයා එක්ක කතා කරන්න ආසාවෙන් ඉන්නෙ..

Infinite fraternity [straykids]Where stories live. Discover now