🍁 Chapter 18

154 34 13
                                    

leeknow : මොන මගුලක් ද ඕයි !! අපරාදෙ මටත් පැරලයිස් වෙන්න තිබ්බා නම් කියලා හිතෙනවා දැන් නම් !!

han : ආහ් ! දැන් ඒක විතරයි අඩු !!

y/n : අහ් ! ෆ්...ෆිලික්ස් !!

ලී ක්නෝ පැරලයිස් කතාවක් ඇදලා ගත්තු නිසා ෆිලික්ස්ට ආයෙම එදා සිද්ධිය මතක් වෙන්න පටන් ගත්තා..ඒක නිසා එයා ටිකක් කලබල වුණා.මොකද ෆිලික්ස්ට පැරලයිස් එකෙන් පස්සෙ එදා දවස ගැන සේරම දේවල් අමතක වෙලයි තිබුනෙ..

y/n : ෆ්..ෆිලික්ස් ‍!! කෝ එන්න මෙතනින් වාඩි වෙන්න...හ්‍යුන්ජින් ! මට වතුර එකක් ගෙනත් දෙන්න පුළුවන් ද?

y/n ෆිලික්ස් එක්ක වාඩි වුනේ ෆිලික්ස්ට එකපාරටම මතකෙ ලැබෙනවා වගේ එයා කන් දෙක අත් දෙකෙන් තද කරගෙන ඇස් දෙක වහගත්තු නිසා..

han : මෝඩයා ! පොඩ්ඩක් හිතන්න තිබ්බා නේද !! දැන් සතුටුද?

leeknow : මං..මං ඒක හිතලා කීවෙ නෑනේ !!

y/n : ලී ක්නෝ !! ඇයි ඔයාලට මං කියන දේ පොඩ්ඩක් හරි අහන්න බැරි?? ඔයාලා තාමත් හැසිරෙන්නෙ හරියට පොඩි ළමයි වගේනෙ !! ඔයාලා දන්නවනෙ මෙයාලව සනීප කරගන්න මං කොච්චර මහන්සි වුණාද කියලා ! ඇයි මෙහෙම හැසිරෙන්නෙ ?? ඔයාලට ඕනි මාවත් මරාගන්නද?? ඔයාලා කරන වැඩ නිසා මං දන්නවා මට ඉක්මනටම මේ ලෝකෙන් යන්න වෙනවා කියලා !!

ඒ පාර නම් y/nට ගොඩක් තරහ ගියා..තරහ එක්කම දුකත්...

win : නූනා ! අඩන්න එපා !! ඔයාට කවදාවත් මොකුත් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ !! මොකද...ඔයානෙ මටත් ජීවිතේ බේරලා දුන්නෙ !! දැන් අඩන්න එපා........

වින් ඉක්මනටම y/nගාවට ඇවිත් y/nට තුරුල් වෙලා එහෙම කීවෙ y/nගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදාන ගමන්...

y/n : නෑ මැණික !! මට සමා වෙන්න..මම එහෙම දෙයක් කීවෙ මට තරහ ගිය නිසා..

leeknow : ෆිලික්ස් ! නූනා ! මට සමා වෙන්න..

y/n : මෙහෙට එන්නකෝ ! මට පොරොන්දු වෙන්න ආයෙ වැඩ කරද්දි හොදට හිතලා බලලා වැඩ කරනවා කියලා !!

leeknow : හරි නූනා !!

beomgyu : හායි ගායිස් !! මොකද නිකන් මෙතන මළගෙයක් වගේ?? අපි පාටි එකකට නෙවේද ආවෙ? ටේහ්‍යුන් !! අපිට ඇඩ්‍රස් එක වැරදිලාවත්ද?

Infinite fraternity [straykids]Where stories live. Discover now