👀00

303 49 0
                                    

"හෙලෝ..මේ බෝයිෆ්‍රෙන්ඩ් හොට්ලයින් සේවාව.
මම ජිමින්..ඔයාට කොහොමද මම උදව් කරන්න ඕන.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

















දැන් ටික වේලාවක ඉඳන් හෝසක් කල්පනා කර කර බලාගෙන හිටියේ... නම්ජුන් ජින් එක්ක අත අල්ලන් ඉන්න විදිහ.ජන්කුක් ටේහ්‍යුන්ගේ කම්මුල් සිපගන්න විදිහ වගේම යුන්ගි ටිකකට කලින් කෙනෙක්ව හම්බවෙන්න ගියපු විදිහ.

"අපිට පුළුවන්ද සාමාන්‍යය විදිහට රෑ කෑම ගන්න.ඔය විදිහට බෝයිෆ්‍රෙන්ඩ්ලා,ලවර්ස්ලා වගේ නැතුව."

කියමින් හෝසක් එයාගේ ප්ලේට් එකේ තිබුන කෑම කෑල්ලක් කටට දාගත්තා.

"හොඳයි හෝසක් අැයි ඔයාට බැරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න?නැත්නම් දැනටමත් ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?

නම්ජුන් හෝසක්ගෙන් බැරෑරුම් විදිහට අැහුවා.

'අායෙත් පටන් ගත්තා.' හෝසක් හිතුවේ එපාවෙලා.
'එයාලා මාව විහිළුවට ගන්නේ අැයි කවදාවත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලා'

ජන්කුක් අායෙත් හෝසක්ට විහිළු කරන්න ගත්තා.හෝසක් හිටියේ එකම මාතෘකාවක් අල්ලන් හිනාවෙන එයාගේ යාළුවෝ දිහා කරදරයෙන් වගේ බලාගෙන.

"මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා."
හෝසක්ගේ එ් කතාවත් එක්ක මුළු ටේබල් එකම නිහඬ වුනා.

"ඕ....අැත්තට කවද්ද අපිට එයාව මුණගස්සන්නේ?"
ටේහ්‍යුන්ග් හෝසක්ගෙන් අැහුවා.

"හෝසක් අපි ඊළඟ සතියේ එයාව හම්බවෙමු.ඔයා අපිට කියන්නේ බොරුද නැද්ද කියලා එතකොට බලමු."

හෝසක් තරහින් අැස් රෝල් කලේ එයා ටිකකට කලින් කියපු වචන එයාගේ කටින්මද පිටවුනේ කියලා විශ්වාසයක් නැතුව.

"අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් එයාව ලබන සතියේ හම්බවෙන්න."

එ් එක්කම හැමෝම අාපහු කෑම කන්න පටන් ගත්තා.


DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now