👀Thirteen

137 29 3
                                    

ජිමින් කෙඳිරිගාමින් හෙමින් හෙමින් අැස් අැරියා.....නුහුරු ස්ථානයක් හින්දා වටේටම අැස් ගෙනිච්ච ජිමින්ට තේරුනේ කවුරු වුණත් එයාව සුදුපාට බිත්ති වලින් වට වෙච්ච කාමරයක හිර කරලා කියලයි.....එ් කාමරේ වැඩිය බඩුමුට්ටු තිබුනේ නෑ....තිබුණත් එ් තිබුණු දේවල් ගොඩාක් පරණ වෙලා....

ජිමින් හිටියේ අැඳක් උඩ වාඩිවෙලා...එයාගේ අත් handcuffs වලට හිරවෙලයි තිබුනේ.....ටිකක් නොසන්සුන් වුණත් ටිකෙන් ටික ජිමින්ට ඊයේ වුණු දේවල් මතක් වෙන්න ගනිද්දි ජිමින්ගේ අැස්වලින් කඳුලු අාවේ වේගෙන් හුස්ම ගනිද්දි......

"ඔයා නැඟිටලා ජිමින්..."

නිහඬ කාමරේ පුරාම එ් අාගන්තුක හඬ දෝංකාර දුන්නා......ජිමින්ව එ් ගැඹුරු අාගන්තුක කටහඬ නිසා තිගැස්සුණා....කඳුලු ගලාගෙන යන ජිමින්ගේ අැස් එ් කටහඬේ අයිතිකාරයාගේ අැස් හමුවෙද්දි ජිමින් කතා කලා.......

"යුන්ගි.."





































___________________

ටේහ්‍යුන්ග් හිටියේ couch එකේ වාඩිවෙලා හිටපු ජන්කුක්ගේ අතක් උඩ නිදාගෙන...........එ්ත් හෝසක්.......

එයාට තාමත් වුණු දෙවල් හීනයක් වගේ.......

හෝසක් නිකන් කිසිම හැඟීමක් නැති මනුස්සයෙක් වගේ.....

පැය 2ක ඉඳලා එක දිගටම අඬ අඬ හිටපු හෝසක් දැන් බලාගත්තු අත බලාගෙන ඉන්නේ අඬන්න බැරිකමට......

"හෝසක් හියුන්ග්..ඔයා දැන්වත් ටිකක් නිදාගත්තොත් හොඳයි...."

ජන්කුක් හෙමීට කිව්වේ තවත් මේ විදිහට එයාගේ හියුන්ග් අඬනවා බලන්න බැරි නිසා.......

"තමුන් කොහොමද මට නිදාගන්න කියන්නේ ජන්කුක්.....ජිමින්ව තාම හොයාගෙන නෑ.....කවුරුහරි එයාව මගෙන් උදුරගෙන ගිහින්.....තමුන් කියන්නේ මට නිදහසේ නිදාගන්න කියලාද.....?"

හෝසක් කෑගැහුවේ නිදාගෙන හිටපු ටේහ්‍යුන්ග්නුත් අැහැරෙද්දි.....

"ම-මට ස-සමාවෙන්න හියුන්ග්..."

"නෑ ජන්කුක්....මට සමාවෙන්න...ඔයා හරි...මට ටිකක් මහන්සියි...මට තනියම ටිකක් ඉන්න දෙන්න....."

ජන්කුක් අපහසුවෙන් හෝසක් එක්ක හිනාවෙද්දි හෝසක් කාමරය දිහාවට අැවිදගෙන ගියා......

"ඔයයි ටේයි අනෙක කාමරේට යන්න...."
හෝසක් යන අතරමඟදිම කෑගහලා කිව්වා....කාමරයට අාපු හෝසක් වේගෙන් දොර වහලා අැඳට වැටුණා.....

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now