07... නිදහසේ..❤️💚

2.9K 529 274
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 .....


කියෝ එලෙසින් කියද්දී යීබෝ පුදුමයන් ඔහු දෙස බලා කාමරේ දොරත් ඇරගෙන ඇතුළු විය..... එයත් අමුත්තන් සඳහා වෙන්වුනු කාමරයක් යැයි සිතිය හැකිය.... එහි සෝපාවක් මත නොසන්සුන්ව වාඩිවී සිටි වන්ග් යීබෝව දුටු සැනින් හුනස්නෙන් නැගිට ඔහු අසලට පැමිණ යීබෝගෙ බෙල්ලෙන් අල්ලාගෙන ගොස් බිත්තියකට හේතු කර ගත්තේය...

" පපා........"

එක්වරම සිදුවූ අනපේක්ෂිත සිදු වීම නිසා තැති ගැන්මකට ලක්වූ යීබෝ අපහසුවෙන් කීවේය ... වන්ග් ගේ දෙනෙත් වියරු වැටී තිබෙන්නේ ය....

" උඹ.........................

************************

......... මොන හයියක් අරගෙනද උඹට හිතෙන හිතෙන වෙලාවට මහ එකීට කතාකරන්නෙ යීබෝ ...."

" ප්......ප්....පපා............කැහ්.....කැහ්........"

වන්ග් ගේ වියරුව නිසා යීබෝගෙ බෙල්ල තදවී ඇත ඉතින් ඔහු හුස්ම ගන්න අපහසුවෙන් දගලමින් කතා කලේය..

" උඹව බන්දලා දුන්නා කියලා නීති වෙනස් වෙන්නෙ නෑ තේරුනාද ...මං මේ උපරිම ඉවසීමෙන් කතාකරන්නෙ යීබෝ ...."

වන්ග් යීබෝ දඟලන නිසා ගෙල අල්ලාගෙන සිටින අත මදක් නිදහස් කෙරුවත් සම්පූර්ණයෙන්ම අතහැරියේ නැත.....ඒ දෑස් තවමත් රත්පැහැයෙන් යීබෝ දෙසට එල්ල වී ඇත..... කොහොමත් පපා ඉදිරියේ කතාකරන්නට ශක්තියක් නොමැති යීබෝ නිහඩව සිටියේය ..

" උඹ මේ වැරැද්ද කරපු දෙවැනි වතාව යීබෝ ...උඹ ඔය හදන්නෙ මාසෙට සැරයක් වත් උඹේ අම්මට කතාකරන්න තියෙන චාන්ස් එක නැතිකරගන්න .."

" ආයෙ........කරන්.........නෑ ......ප...පා....."

යීබෝ බියෙන් වෙව්ලමින් කීවේය ....

" මම හැමදාමත් වගේ අදත් කියන්නෙ උඹව මට මහ හිසරදයක් යීබෝ ... එහෙව් එකේ උඹ මෙහෙම කරද්දී මට උඹව තවත් එපාවෙනවා..... ඒකනිසා පාඩුවේ හිටියා වගේ ඉදපං...... උඹ හිතනවද කසාදයක් බැන්දා කියලා උඹට තටු ලැබෙනවා කියලා ...එහෙම නෑ යීබෝ ...... උඹ උඹේ තැන තේරුම් ගනිං......"

ඊලඟට වන්ග් ගේ දෙනෙත් ඇදීගියේ යීබෝ අත ඇති අලුත්ම මොබයිල් එක වෙතටයි .... ඔහු තවමත් සිටින්නේ යීබෝගෙ ගෙල මතින් අල්ලාගෙන ඔහුව බිත්තියට හේත්තුකරගෙනයි ...

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now