09.. නූලේ බලේ ....❤️💚

3K 529 377
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 ....

" මාස හයක ඇග්‍රිමන්ට් එකකට නං උඹ ඔය පොඩි එකාව ළඟ තියාගෙන ඉන්නේ ඇයි මේ තරම් ඔය ගැන කලබල වෙන්නේ.....කොහොමත් උඹලඟින් අයින් වෙලා ගියාට පස්සෙ කොල්ලාටත් අනාගතයක් තියෙන්න ඕන..එයාගෙ පපාගෙ බිස්නස් වලට හරි ජොයින් වෙලා හිටියොත් හොද නැද්ද ..........."

දෙදෙනා අතර ම විනාඩි කිහිපයක දීර්ඝ නිහැඬියාවක් පැවතුණි....

" ශාන් මට උත්තරයක් දීපන්......."

මේ වන විට ශාන්ගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ ඔහුගේ උරහිසෙහි හිස තියාගෙන නිදාගෙන සිටින යීබෝ වෙතටයි......

" කුවා........................................

**

",ඔව් කියපං..."

" උඹේ ප්‍රශ්නෙට මට හිතට එකඟව දැම්මම උත්තරයක් දෙන්න බෑ....හැබැයි මම මේක පැහැදිලිව කියනවා... එයා මං ලඟ ඉන්නකල් මම එයාව ආරක්ෂා කරනවා...."

" ඊට පස්සේ අත හරිනවා එහෙමද කියන්නේ..."

",මම එහෙම කිව්වෙ නෑ කුවාන් ..."

" මම අහන්නේ මාස හයකට පස්සෙ මොකද වෙන්නෙ කියලා..."

කුවාන් බැරෑරුම් ලෙසින් ඇසුවේය ...

" කුවාන් ............"

" මෙන්න මේක විතරක් මතක තියා ගනින් ශාන් ... සමහර තීරණ වලදී මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා... මං ඒක පිළිගන්නවා.... එහෙම කියලා කවදා හරි උඹ හින්දා අහිංසක ජීවිතයක් දුක්විඳිනවා දකින්න නම් මම කැමති නෑ...එහෙම වුනොත් එදාට මේ සහෝදරයත් උඹට නැති වෙයි..."

කුවාන් දැන් කතාකරන්නේ බැරෑරුම් ලෙසින් නිසා එතැන විහිලුවක් නැතිබව ශාන් තේරුම් ගත්තේය ..

" මාව අධමයෙක් ගානට දාල කතා කරන්න එපා කුවා.... මට කාලෙ දෙන්න..."

ශාන් අසරණ ලෙසින් කීවේය .... දැන් සෘජුවම ඔහුගේ දෙනෙක් යොමු වී තිබෙන්නේ ඔහුගේ උරහිසට හිස තියාගෙන නිදාගෙන සිටින යීබෝ වෙතයි...

" හ්ම්ම්ම්... ඕනෑම තීරණයක් ගන්නකොට අනිවාර්යයෙන්ම හිතන්න කාලේ ගන්නම ඕනේ.... මට නිදිමතයි බං...කොයි කොල්ලා ..."

" අර එදා බය වෙච්ච පාර තාම පණ බයේ ඉන්නේ... මගෙ ළඟ පුටුවක් තියාගෙන වාඩිවෙලා හිටියා..දැන් මෙන් එතනම නිදි...."

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now