25.. සුදු මැණික ..❤️💚

3.1K 514 336
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 .....

නොකියු කවක් මං නුඹ හට
පවසන්නම්..........
මගෙ පණ ඔබය පපු ගැඹුරේ
හැමදාමත්..........
කොයිනද මේ ජීවිතයට
වෙන හමුවක්...........
නුඹමය මගේ හොදම හමුව
දිවි ඇතිතෙක්............

tharuekanayake94 නංගා අදත් ලස්සන කවියක් ලියලා ..ඉතින් ගොඩාක් ස්තූතී වස්තූ 💚❤️💚❤️

" හෙලෝ ලොකු බේබි.....නඩුවක් ...."

සිකුරාදා දිනයකි වේලාව සවස පහට ආසන්න වෙද්දි කියෝ ශාන් හට ඇනතුමක් ගත්තේය ....

" මොකක්ද වෙලා තියෙන්නෙ කියෝ...."

" මේකයි ලොකු බේබී........

*******************

....... kitchen එකට පිටිපස්සේ තියෙන වත්තේ මගෙ දොඩම් ගහක කට්ටිය දොඩං කඩල... මම මුකින්ම දැක්කා මම සද්ද නොකර හිටියා මොකද චූටි බේබිත් එතන හිටපු නිසා  ..මම කැමැති නෑ චූටි බේබි දඬුවම් විඳිනවට....ඒත් වැඩේ කියන්නේ මැඩම් යීයී  මේක දැකල ලොකු සර්ට රිපෝට් කරලා...කට්ටියම ඉස්සරහ දණගහගෙන ඉන්නවා ලොකු බේබිටත් එන්න කියන්න කිව්වා.."

ශාන්ටත් නොදැනීම ශාන්ගේ අත නළලට ගියේය....

" කවුරු කවුරුද එතන ඉන්නේ මිස්ටර් කියෝ...."

" පොඩි පරම්පරාව ඉන්නව ලොකු බේබි..වැඩේ කියන්නේ නියෝ කොල්ලත් ඉන්නවනේ.... "

ශාන් කුවාන් දෙස බැලුවේය .. දුරකථන සංවාදය ඔහුට හරියට ඇහෙන්නේ නැති නිසා සිදුවන්නේ කුමක්දැයි කුතුහලයෙන් ඔහු සාන් දෙස බලාගෙන සිටින්නේ ය...

" හරි මම මේ දැන් එනවා පපා එනකල් කාටවත් දඬුවම තීරණය කරන්න දෙන්න එපා..."

" හරි ලොකු බේබි..."

ඇමතුම අවසන් කර ශාන් කුවාන් දෙස බැලුවේය ...

" ඒ ගමන උඹේ සුදු මැණික මොනවද කරලා තියෙන්නේ..."

" සෙට් එකම දොඩං ගහක දොඩම් කඩලා... දැන් ඉස්සර වගේ නෙමේ කියෝ ඔය වගේ දේවල් පපාට රිපෝට් කරන්නෑ..ආන්ටි යීයී මේක දැකලනේ...."

ශාන්  කාර් එකේ යතුරත් අතට රැගෙන කීවේය   ....

" පලයං පලයං ඉතින්..... අංකල් ලොකු පනිෂ්මන්ට් එකක් දෙන්නෙ නැතිවෙයි ...."

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now