13... නපුරු නෑ....❤️💚

2.9K 526 259
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 ......

රිදී කිරණ විහිදූ ඒ
අරැණැල්ලේ......
නිල්නෙතු මත දගකෙරු ඔය
හසරැල්ලේ.....
කකියෙන හදෙහි නගමින්  මට
මැසිවිල්ලේ.....
කෙසේ පවසම්දෝ වචනයෙහි
පැටලිල්ලේ.....

ඩම්ටිගෙන්...
සීතබූතට ...

tharuekanayake94 නංගා....ගොඩාක් ලස්සනයි ඉතින්..ආදරෙයි ගොඩාරියක් 💚❤️💛

යීබෝ  දැන් නිකේෂ් සමඟ එතැනින් මදක් ගඟ ඉහලට ඇති පාරේ ඇවිද යන්නේය.... දෙපසම ඇත්තේ කුඩා කුඩා ගෙවල් මෙන්ම ගොවිපලවල් ය.... කුඩා අඩිපාරේ පවා කුකුලන් ඇවිදිමින් සිටියේය ...

" මෙයාලා කනවද නිකේෂ් ..."

අඩිපාරෙ සිටින කුකුලන් පෙන්වමින් යීබෝ  ඇසුවේය ...

" ඔව් ..."

" අනේ එහෙනම් මාව කයි ...."

යිබෝ  නිකේෂ් ගේ ඇගේ එල්ලෙමින් කීවේය ....

" නෑ නෑ අපි එයාලව කනවා උයලා...."

නිකේෂ් මහ හඩින් සිනාසෙමින් කීවේය ....යීබෝ  යනු දැනුම් තේරුම් ඇති කාලයේ සිටම හොස්ටල් වල ජීවත් වුණු අවට සමාජය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති තරුණයෙකි...ඉතින් ඔහුට මෙම පරිසරය මෙන්ම මේ හුරුපුරුදු පවා අලුත් අත්දැකීම්‍ ය.....

දැන් ඔවුන් ඇවිද යන්නේ කුඩා නිවාස එක පෙලට ඇති කුඩා පාරක් දිගේය...

දැන් ඔවුන් ඇවිද යන්නේ කුඩා නිවාස එක පෙලට ඇති කුඩා පාරක් දිගේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ නිකේෂ් අරයා කයිද අපිව..."

නිවසක් ඉදිරියේ ඇති ගවයෙකු පෙන්වමින් යීබෝ  එලෙසින් කියමින් නිකේෂ් පිටුපසට උනේය ..

" එයාලා හීලෑ අය... මිනිස්සුත් එක්කම  ඉදලා  එයාලට මිනිස්සු හොඳට පුරුදුයි... අතගාන්න ඕනෙද..."

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now