ටික් ටික් ටික් ටික් ........
පැය හයක සර්ජරි එකක් .... අපේ අයගෙ මහන්සියෙන් අපට පුලුවන් උනා ඒ දරුවො දෙන්නට සනීප ඇතුව එයාලගෙ අම්මව ආපහු දෙන්න ....
ඉතින් අදින් පස්සෙ ඒ තාත්තට අම්මගෙ පපුව අතගාන්න ඕන නැති වේවි .. ඒ අම්මටත් අපි වගෙම සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුලුවන් වේවි ... ඇත්තටම මැරුන උනත් ඒ අම්මට දෙන්න හදවතක් ඉතුරු කරපු කෙනාට මන් පින් දුන්නා .. ඒ පවුලෙ සතුට ගිලිහෙන්න නොදුන්න එකට මන් අපේ අනිත් ඩොක්ටර්ස් ලට නර්ස්ලට හදවතින් ස්තූති කෙරුවා ...
මොකද එදා මගෙ පපා නැති උන දවසෙ ඉදන් අද වෙනකන් විදින වේදනාව මන් හොදටම අදුනනවා ... ' සමාවෙන්න පේශන්ව අපිට බේරගන්න බැරි උනා ' කියලා එයාල කියද්දි මගෙ මමී එහෙමම සිහිනැතිවෙද්දි අසිහියෙන් වගෙ මේ හැමදේම අහගන දරන් උන්න පුන්චි මට දැනුන වේදනාව ... ඒ හැගීම ... ඒ සිද්දිය මතක් වෙද්දි අදටත් මට එහෙම්මම දැනෙනවා ... ඉතින් ඒකත් ලොකු හේතුවක් අද මම මේ වගෙ තැනක හිටගන ඉන්න ... ඒ වගෙම මන් හුගක් උත්සහ කරනවා මගෙ වචනවලින් කාගෙහරි හිතක් එදා මගෙ බිදුනා වගේ නොබිදි තියාගන්න ....
පැය හයමාරක සර්ජරි එකක් ඉවර උනයින් පස්සෙ මගෙ තුනටිය බෙල්ල පිටකොන්ද හිරිවැටිලා තිබුනා .... මුලදි හුගක් අමාරු උනත් දැන් දැන් මමත් මේ ජීවිතේට පුරුදු වෙලා .... උදේ අට වෙද්දි ආපු පාර හවස හය වෙනකන් එක දිගට වැඩ .... හයට කාලයි තව පැය කාලකින් ඕෆ් එක .... මන් එහෙම්මම ගිහින් කලින් වගෙම මගෙ වැලමිට ලග ඉදන් හෝදගත්තා ...
YOU ARE READING
Write Your Own 💚YiZhan❤️✅
Fanfictionසිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර ..... 💚