දාහතරවන කොටස

792 174 19
                                    

එයාට අදම ෆන්ශන් එක ගන්න අදහසක් නොතිබුන හින්දා සොෆ්ට් ඩ්‍රින්ක් එකෙන් පස්සෙ හැමෝම විසිරිලා යන විදියට තමයි සැලසුම් කරල තිබුනෙ ....

අපි දෙන්නට දෙන්න සවුදිය පුරලා අනිත් අයටත් ඩ්‍රින්ක් එකට ආරාධනා කරද්දි අලුත් මනාල යුවලට ඒ හැමෝම සුභපැතවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි දෙන්නට දෙන්න සවුදිය පුරලා අනිත් අයටත් ඩ්‍රින්ක් එකට ආරාධනා කරද්දි අලුත් මනාල යුවලට ඒ හැමෝම සුභපැතවා .... කවුරුත් දන්නෙ නැතුවඇති අද මේ කෙරුන කසාදෙ මගෙ අකමැත්තෙන් උන එකක් කියලා .... අපි දෙන්නට දෙන්නා ආදරේ කරල සතුටින් ඉන්නවා වගේ පිටට පෙනේවි ....

පුතා චූටි පුතා .... එන්නකො මෙහෙට ටිකක්

ඒ යීබෝගෙ මමා ... එයා කතාකරපු නිසා මන් එයාගෙ පස්සෙන් ගියා ....

චූටි පුතා අපේ බබා ගැන මොනාද දන්නෙ ...

මන් වැඩිය මුකුත් දන්නෙ නෑ ආන්ටි ...අපි හම්බවෙලා දවස් තුනයිනෙ තාම ...

ඒනම් මමම කියන්නම්කො එයා මොන වගෙද කියලා ... ඒත් ඉස්සරලම මට ආන්ටි කියන එකනම් නවත්තන්න වෙනව හොදද .... මටත් මමා කියන්නකො දරුවො ... නැත්තන් පිට කෙනෙක් වගෙනෙ ...

හලි අයියූ ඉතිම් මමා ....කියන්නකො ..

අපේ බබාට ඉස්සර ඉදන් යාලුවෙක් හිටියෙ නෑ පුතා ... එයා පොඩිකාලෙම කොරියා ගියපු නිසා මෙහෙ යාලුවො හදාගන්න බැරි උනා ... එහෙ ගිහින් උනත් එයාට සම්බන්ධතා පවත්වන්න තරන් කාලයක් තිබුනෙ නෑ ...එක දිගට අවුරුදු ගනන් වැඩ කරා ... ඒම තමා අද මේ තැන ඉන්නෙ ..

මාත් ලුලූ කියද්දි අහල තියනවා මමා එයා හුගක් මහන්සි වෙන කෙනෙක් කියලා ....

ලුලූ කිව්වෙ ??

අහ් නන්ගි මමා ....

හරි හරි ... ඉතින් චූටි පුතා මෙයාට කවදාකවත් ගෑනුලමයෙක් ඉදලත් නෑ ... ඉදල නෑ කියන්නෙ අපි උනත් ඒ වගෙ දෙයක් ගැන කියනවටවත් මෙයා කැමති උනෙනෑ ... සමහරවිට ඒ පොඩිකාලෙදිම අපෙන් ඈත් උන නිසා වෙන්න ඇති .... මේ බලන්න පුතා කිරිබොන කාලෙ උනත් අපි වැඩිය මෙයා හිනා වෙනවා දැකල නෑ ...

 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now