01

778 108 63
                                    

"කට් කට්!" මන් ඉක්මනට වතුර බෝතලේ උස්සගෙන දුවගෙන ගියේ දාඩිය පෙරාගෙන ඉන්න ජන්කුක් ලඟට. 

ස්ටේජ් එකෙන් පහළට බැස්ස ජන්කුක් කෙලින්ම ඇවිත් මගේ අතේ තිබ්බ වතුර බෝතලේ අරගෙන බෝතලේ හිස් කරලා දැම්මා. 

"තැන්ක්ස් නූනා." මන් ඒත් එක්කම හිනා වෙලා ඔලුව වනලා ආපස්සට හැරිලා යන්න හදනකොටම අතක් ඇවිත් මාව නැවැත්තුවා. 

කවුද කියලා බලන්න පිටිපස්ස හැරුණම දැක්කේ ජන්කුක් මන් දිහා බලන් ඉන්නවා. 

"මොනා හරි ඕනෙද ජන්කුක්?" 

"කොහෙද යන්නේ?" මෙයා මොනා අහනවද? 

"මන් ඔයාගෙ හෙට schedule එක ගන්න යන්නෙ. " එයා ඔලුව වනලා මගේ අත අතෑරලා එතනින් යන්න ගත්තෙ කිසිම දෙයක් නොකියා. 

ඇත්තමයි මේ අවුරුදු දෙකටම මට මේ කොල්ලව නම් තේරුම් ගන්නම බැරි උනානෙ. අනිත් හය දෙනා නම් මාව දැක්ක තැන දත් තිස් දෙකක් තියනවා කියලා ගනන් කරන්න පුළුවන් තරමටම හිනා වෙනවා. ඒකට මේ හාදයා. 

මන් මටම හිනා වෙලා ස්ටාෆ් රූම් එකට ගියා. 

"මිස්ටර් චෝයි.." මේසෙ යටට ඔලුව දාගෙන මොනාද මන්දා කරන චෝයි සර් දිහා මන් බලාගෙන හිටියේ හිනාව නවත්ත ගන්න බැරුව. 

"ඕහ් මියුන්හී- ආව්!" ඔලුව උස්සපු ගමන් මේසෙ හයියෙන් ඔලුව වැදුණු මිස්ටර් චෝයි ව දැකල මට හයියෙන් හිනා යන්න ගත්තා. 

"මනුස්සයෙක් කරදරේක වැටුනම ඔහොම හිනා වෙනවද ලමයෝ!" මට එතකොට හයියෙන් හිනා ගියේ එයාගෙ අතේ තිබ්බ කොළ සෙට් එකම බිමට ඇදගෙන වැටුණම. 

"හරි හරි ඉතින් ඕකට ලමයා ලමයා ගාන්න ඕනෙද?" මන් බුම්මගෙන මිස්ටර් චෝයි බැලුවා. 

"හා හා ඇති ඇති දැන් හිනා උනා. ජන්කුක් ගෙ ශෙඩියුල් එක ගන්නද ආවේ? " මන් ඔලුව වැනුවා.

"නැතුව ඉතින් ඔයාව බලන්න ආවා කියලා හිතුවද?"

"හා හා මේකත් අරන් යනවා." මං හිනා වෙවී මිස්ටර් චොයි ගෙ ඔෆිස් එකෙන් එළියට ඇවිත් කෙලින්ම ගියේ ජන්කුක් ගෙ ප්‍රැක්ටිස් රූම් එකට.

රූම් එක අතුලට යද්දිත් කට්ටියම දවස් තුනකින් තියන ෂෝ එකට ලෑස්ති වෙනවා. 

NOONAWhere stories live. Discover now