04

359 89 85
                                    

මුලු බුසාන් එයාර්පෝර්ට් එකම ඇගිල්ලක් ගහන්න තරම් බැරි වෙන තරමටම ‍රිපොර්ටර්ස්ලගෙන් පිරිලා හිටියෙ අද ජන්කුක් පැරිස් වලට යන නිසයි. අනිත් හය දෙනාට කලින් ජන්කුක් පැරිස් වලට යන්නෙ ආර්මිලා ව සර්ප්‍රයිස් කරන්න මෙයාලා කරන්න යන අලුත් ඇල්බම් එකේ වැඩක් නිසා.

කැමරාස් උස්සගෙන, මයික් උස්සගෙන එයාපෝර්ට් එකේ ඇවිදන් යන ජන්කුක් ව වට කරගන්න එන මිනිස්සුන්ව ගාර්ඩ් එකෙන් නවත්තගත්තෙ එයාලගෙ ලිමිට් එක මතක් කරවල දෙන ගමන්. මමත් ඒ ගමන්ම ගාර්ඩ් එක මැද්දෙන් ජන්කුක් ව අල්ලගන්න වේගෙන් ඇවිද්දේ ෆ්ලයිට් එකට දැන් වෙලාව හරි නිසයි.

-

හවස් වෙනකන් නිදා ගත්ත මාව ඇහැරුනේ ඒලාම් එකට නෙවෙයි කියලා තේරුණු මන් ටක් ගාලා ඇදෙන් නැගිට්ටෙ කවුද මෙච්චර හවස් වෙලා මගේ හොටෙල් රූම් එකේ බෙල් එක ප්‍රෙස් කරන්නෙ කියල බලන්න.

නිදිමතේ ඇඳන් හිටපු ෂෝර්ට් එකයි ස්කිනි එකයි පිටින්ම දොර ඇරපු මන් හොද සිහියට ආවෙ මාව පිටිපස්සට ගිහින් බිත්තියකට තද වෙද්දී.

"ජ්-ජන්කුක්?" ඒත් එක්කම කකුලෙන් දොර වහපු ජන්කුක් මන් දිහා තරහින් බැලුවා.

"නූනා තමුන් හොද සිහියෙන්ද ඉන්නෙ?" මන් දිහා තරහින් බලන් හිටපු එයා මගේ උඩ ඉදන් පහලට බලලා අයි බ්‍රෝව් එකක් ඉස්සුවම තමයි මට මතක් වුනේ මන් ඇඳන් හිටපු එක.

"ආහ්, මේකද? ඉතින් අහක බලා ගන්නකො. ඔයා ඉතින් මගේ කුකීනෙ." මන් හිනා වෙලා එයාගෙන් ඈත් වුනේ ජන්කුක් එයාට පොඩි එකෙක් වගේ සලකනවට පොඩ්ඩක් වත් කැමති නෑ කියල හොඳටම දැනගෙන. 

ජන්කුක් ව එතනම තියලා මන් ආයෙත් හොටෙල් රූම් එක ඇතුලට ගිහින් ටීවී එක ඉස්සරහින් තියන සෝෆා එකෙන් වාඩි වුනේ තරහ ගිහින් ඉන්න කොල්ලව පොඩ්ඩක්වත් ගණන් නොගෙන.

"ඇයි කුකී ආවෙ? මොකක් හරි වැඩකටද?" මන් ටීවි එකේ හොද ප්‍රෝග්‍රෑම් එකක් තියනවද කියල බල බල ඉන්නකොට එකපාරටම මගේ අතේ තිබුනු රිමෝට් එක ඇදල අරගන්නව දැනුනත් එක්කම මාව සෝෆා එකට තල්ලු වුනේ ජන්කුක් මගේ ඇඟ උඩට එද්දී.

NOONAWhere stories live. Discover now