02

430 96 114
                                    

| Next day

"මියුන්හී, අද හවස මට ජන්ග්කුක් ගෙ හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව වෙන්න ඕනෙ. තේරුනද?" මං චෙයාර්මන් ට බව් කරා.

"තේරුනා සර්." එයා ඔලුව වනල හිනා වුනෙ මගේ බය නැති කරවන ගමන්.

"මෙච්චරකල් වගේ මන් හැමදාම ඔයාගෙන් හොද වැඩක් බලාපොරොත්තු වෙනවා මියුන්හී." මං ආයෙත් බව් කරේ චෙයාර්මන් සර් ට උත්තර දෙන ගමන්.

"හරි, දැන් යන්න පුලුවන්."

මං ඔෆිස් රූම් එකෙන් එළියට ගියපු ගමන් කෙලින්ම ගියේ ජන්ග්කුක් ගෙ ස්ටුඩියෝ රූම් එක අතුලට.

-

ස්ටුඩියෝ එකේ දොර ඇරගෙන ඇතුලට යද්දිම මාව ටිකකට නැවතතුනේ ලස්සන සින්දුවක් මගේ කන් දෙකට ඇහෙන්න ගනිද්දී.

Don't ask why
I can paint a picture of you in my mind, love
All my life
I never thought someone would make me feel so high
But here you are
There's no touch or feeling
Pleasure or pain
Anything like the way you're runnin' through my veins
No breath or beauty
No sound or sight
That ever made me feel the way you do tonight.

මගේ මූනට ඉබේම පොඩි හිනාවක් ආවේ එයාගෙ ලස්සන කටහඬ ඇහෙන්න ගත්තම. මොකද මට මොකක්ම හරි අමාරු දවසක් ආවම හරි දුකක් දැනුනම හරි මන් පුරුදු වෙලා හිටියේ මෙයාගෙ වගේම අනිත් හය දෙනාගෙම ලස්සන කටහඬවල් අහන්න. ඒකෙන් ලැබෙන නිදහස හැඟීම කියලා විස්තර කරගන්න බැරි තරම් දෙයක්.

ස්ටුඩියෝ රූම් එකේ දොර එයාට නොදැනෙන්නම හෙමින් සැරේ වහන ගමන් අතුල් වුණු මාව හිටපු තැනම ගල් වෙලා ගියේ ජන්කුක් එයාගෙ ගිටාර් එකෙන් ඔලුව උස්සලා මන් දිහා බලලා හිනා වෙලා ඒ ගමන්ම සින්දුවේ ඉතුරු ලිරික්ස් ටිකත් කියන්න පටන් ගත්තම.

I just can't take my eyes off you
Tell me anything you wanna do
I just can't take my eyes off you
Nothing I can do about it
Nothing I can do about it
Don't ask why
But every little thing you do just drives me wild (Oh right)
Don't be shy (Alright)
Come a little closer, light my world on fire, fire.

ජන්ග්කුක් හිනා වෙලා එයාගෙ ගිටාර් එක පැත්තකින් තිබ්බම මං උගුර හදලා එයාගෙ ස්ටුඩියෝ එකේ අයිනට ඉක්මනට ගියේ අද ෂෝ එකට එයාට ඕන කරන බඩු ටික ලෑස්ති කරගන්න.

කෙලින්ම ගිහින් ජන්ග්කුක් ගෙ ඩ්‍රම් ස්ටික්ස් ටික අරන් එයාගෙ බෑග් එකේ දාද්දි මට එක පාරටම මතක් වුනේ ඊයෙ රෙස්ටුවරන්ට් එකේ වුණු දේ.

NOONAWhere stories live. Discover now