12

401 83 77
                                    

| Two weeks later

"ම්ම්ම්.." උණු උණුවෙන් වැක්කෙරෙන චීස් චිකන් බර්ගර් එක කටට දාගත්තෙ කට පිච්චෙද්දී.

"ඕයි පොඩ්ඩක් හෙමින් කාපන් කො." මන් දිහා අප්පිරියාවෙන් බලන් ඉන්න සුක් දිහා නොබලම මන් මගේ මැද ඇඟිල්ල දික් කරා.

"අර බලහන් ඉතින්." පොඩි එකෙක් වගේ මට රව රව සුක් එයාගෙ අයිස්ඩ් කෝක් එක බොන්න ගත්තා.

"අහ් ඔයාට මොකක් හරි දෙයක් කියන්න තියෙන නිසා නේද මට මේ ලන්ච් එක ගෙනාවෙ?" වෙන ලෝකෙක හිටපු සුක් එකපාරටම ඒක මතක් වෙලා හිනා වෙලා ඔලුව වැනුවා.

"ඔව් ඔව් හොද වෙලාවට මතක් කරේ. කොහෙද ඉතින් ඔයා කන කෑම දැකලා මට ඒකත් අමතක වුනා." සුක් එයාගෙ බෙල්ල ලැජ්ජාවෙන් හරි මොකෙන් හරි කහන්න ගත්තම මම පොර දිහා බලන් හිටියෙ මූට මොන මල යකා වැහිලද වගේ ලුක් එකක් දෙන ගමන්.

"කියන්න බලන්න ඉතින් මගේ අතිජාත මිත්‍ර පුත්‍රයට තියෙන ප්‍රශ්නෙ." ඒත් එක්කම මූන අමුතු හිනාවකින් පුරව ගත්ත සුක් එකපාරටම මගේ මූන ලගට එබුනා.

ඇත්තමයි මෙයා අද හරි අමුතුවට වගේ හැසිරෙන්නේ.

"අද එනවද මාත් එක්ක ඩේට් එකකට යන්න-?" ඒක කියපු ගමන් අර බේරෙන චීස් එක මගේ උගුරෙ හිර වෙන්න ගත්තෙ මගේ කටින් ඒක එළියට විසික් වෙද්දි.

"ම්-මේ මොකද මේ?" මේසෙ අනිත් පැත්තෙ හිටපු සුක් එතනින් නැගිටලා මන් ලගට ඇවිත් මගේ පිටට තට්ටු කරා.

"මොකද මේ අහන්නෙ- මොන ගොන් ප්‍රශ්නයක්ද ඒ ඇහුවෙ?" මන් තාමත් කහින ගමන් ඉන්න තැනින් නැගිටලා මගේ බඩු ටික එකතු කරගෙන- ආ අනිත් බර්ගර් එකත් අරගන්න අමතක කරේ නෑ.

"බොරු කියන්න ඕනෙ නෑ, මන් හිතුවා ඔයා ඔය වගේ ගොන් ආතල් එකක් මට දෙයි කියලා." මන් හිනා වෙලා සුක් ගේ කොන්ඩෙ අවුස්සලා එතනින් ගියේ කෙලින්ම මගේ ස්ටාෆ් රූම් එකට.

-

මන් ස්ටාෆ් රූම් එක ඇතුලට අඩිය තියන්න හදනකොටම මගේ ෆෝන් එක පුදුම හයියෙන් රින්ග් වෙන්න ගත්තෙ මාවත් ගැස්සිලා යද්දී.

හම්බ වුනු නිවාඩුව නිසා මට ෆෝන් එක සයිනට් කරගන්නත් අමතක වුනා. මොකද මන් ගෙදර ඉන්නකන් අර ජන්කුක් කරේ මට කෝල්ස් ගන්න එක. මියුට් කරන් ඉඳලා ඒ කොල්ලා කී පාරක් බුම්මන් ඉඳලා තියෙනව ඇත්ද?

NOONAWhere stories live. Discover now