03

360 95 108
                                    

| මියුන්හී 

උදේ නැගිට්ට ගමන් මං කෙලින්ම කරේ ලැප් එක අරන් නෙට්ෆ්ලික්ස් එකේ K-drama එකක් බලන්න පටන් ගත්ත එක.

හරියටම ගත්තොත් මන් පැය දෙකක් තිස්සෙම කරේ මේක බලපු එක විතරයි. ඒකෙන් උනෙ තිබ්බ පිස්සුව තවත් වැඩි උන එකයි. 

කොහොම හරි පැය දෙකක් තිස්සෙ කාලෙ කාලා මන් ඇදෙන් බැස්සෙ මොනා හරි කන්න හිතාගෙන. කොහොමත් අද මට තියෙන්නෙ නයිට් ශිෆ්ට් එක නිසා හවස් වෙනකන් පිස්සු නටන්න පුලුවන්. 

කාමරෙන් එළියට යන්න හදනකොටම වගේ මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න පටන් ගත්ත නිසා කෙලින්ම ෆෝන් එක ඔන් කරලා මන් ආපු මැසේජ් එක ඕපන් කරල ටෙක්ස්ට් එක කියවන්න ගත්තා.

ජන්කුක්: හවස හතර වෙද්දි මගේ අපාර්ට්මන්‍ට් එකට එන්න නූනා.

මන් කෙලින්ම ගියේ කිචන් එකට.

_____________________________

At Jungkook's appartement 

4.30pm

ID එක පෙන්නලා කෙලින්ම ජන්කුක් ගෙ අපාර්ට්මන්‍ට් එකට අතුල් වෙච්ච මම මාත් එක්ක මගේ සූට් කේස් එක අරන් ආපු ගාර්ඩ් ට ඒක අයිනෙන් තියන්න කියලා මන් අපාර්ට්මන්‍ට් එකේ උඩ තට්ටුවට ගියේ ජන්කුක් ලෑස්තිද කියල බලන්න. 

එයාගෙ කාමරේ ලගට ආපු මම දොරට තට්ටු කරා.

"ජන්කුක්? ඔයා ලෑස්තියිද?" මන් එයාගෙන් උත්තරයක් එනකන් බලන් හිටියත් කිසිම සද්දයක් ආපු නැති නිසා මන් මේ පාර ටිකක් විතර සද්දෙට කතා කරා.

"කුකී! ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ! මන් ඔයාට කෑම ගෙනල්ල තියෙන්නේ!" 

කිසිම සද්දයක් ආපු නැති නිසා මන් මේ පාර දොර හෙමින් සැරේ ඇරලා රූම් එක ඇතුලට ඔලුව දැම්මා.

රූම් එක ඇතුළෙ කවුරුත්ම නෑ කියලා දැක්ක මන් ඇතුලට යන්න ගත්තෙ මේ ළමයා කොහේ වෙන්න ඇත්ද කියලා හිතාගන්න බැරුව. 

කුකී ගෙ කාමරෙ ඇතුලට ඇතුල් වුනු මාව කෙලින්ම නතර වුනේ මගේ එහා පත්තෙ තිබුනු බාත් රූම් එකේ දොරේ ලොක් එක ඇරෙද්දී.

ඕහ් ශිට්!

මන් ටක් ගාලා අහක බලා ගත්තා. දෙයියනේ මන් කොහොමද මෙච්චර මෝඩ වුනේ? 

NOONAحيث تعيش القصص. اكتشف الآن