10

343 85 67
                                    

| මියුන්හී

මන් බයෙන් චෝයි සර් ගෙ ඔෆිස් රූම් එකට ගියේ එයා අද උදේ මට කතා කරේ ටිකක් සීරියස් මූඩ් එකෙන් නිසා.

ඔෆිස් එකේ දොර ඉස්සරහ හිට ගත්ත මම බයෙන් වගේ තට්ටු කරාමත් එක්කම ඇතුලෙන් මට එන්න කියලා කියනව ඇහුන නිසා මන් දොර ඇරගෙන ඔෆිස් එක අතුලට ගියා.

"ඔහ්, මියුන්හී! එන්න එන්න. ඇවිත් වාඩි වෙන්න." මන් බව් කරලා සර් ගෙ ඉස්සරහින් වාඩි වුනා.

"මන් ඇත්තටම ඔයාට එන්න කියල කතා කරේ පොඩි හේතුවක් නිසා. වෙලාවක් නැති නිසා මන් ඉක්මනටම කියන්නම්." මන් බයෙන් වගෙ සර් දිහා බලලා ඔලුව වැනුවෙ බව් කරන ගමන්.

"මට කිසිම ප්‍රශ්නයක් නෑ මියුන්හී ඔයා ජන්කුක් එක්ක මොන විදිහෙ සම්බන්ධයක් තියා ගත්තත්. ඒත් ඒක ජන්කුක් ටත් ඔයාටත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න වග බලා ගන්න ඔයාල දෙන්නම දැන ගන්න ඕනෙ." මන් බිම බලාගෙනම ඔලුව වැනුවා.

"මන් ඇත්තටම කිව්වොත් ඔයා ගැන වද වෙන්නෙ මියුන්හී, ඇත්තටම ඔයා හොද වගේම ගොඩක් බුද්ධිමත් ගෑනු ළමයෙක් නිසා. ඒ වගේම මේ මුලු එන්ටර්ටේන්මන්ට් එකම ඔයාට හරිම ආදරේ කරන්නෙ නිකන් නෙවෙයි නෙ නේද? ඒ මොකද හැමෝම දන්නවා ඔයා මොන වගේ ගෑනු ළමයෙක් ද කියලා. නැත්තන් ඔයා හිතනවද අර හය දෙනා මේකට කැමති වෙනව කියලා ඔයා වෙන කෙල්ලෙක් උනා නම්? කොහෙත්ම නෑ. එයාල හැමෝම ඔයාව විශ්වාස කරනවා මියුන්හී."

මන් ඒ කියපු දේ ඇහිලා සර් දිහා බැලුවෙ ඇස් වලට එන්න ගත්ත කඳුළු තද කරගන්න ගමන්.

"එයාල විතරක් නෙවෙයි මියුන්හී, මම, මැනේජර් සේජින්, චෙයාර්මන්…ඒ හැමෝම ඔයාව විශ්වාස කරනව. අන්න ඒ නිසයි ඔයාට මේ එන්ටර්ටේන්මන්ට් එක ඇතුළෙ කාටවත්ම නැති මෙච්චර නිදහසක් තියෙන්නෙ. ඒ නිසා මියුන්හී මට කියන්න තියෙන්නෙ, ඔයා මොන දේ කරත් ඔයාගෙ මේ වැඩ කටයුතු කිසිම දෙයක් අතපසු කරන්න එපා කියලා. I blindly trust you Myung-hee."

"මං ඔයාගෙ විශ්වාසෙ කඩ කරන්නෙ නෑ සර්. මන් පොරොන්දු වෙනවා." මන් දෙපාරක්ම බව් කරලා සර් එක්ක හිනා වුනා.

"ජන්කුක්ව ඇස් දෙක වගේ බලා ගන්න මියුන්හී.. හරියට ඔයා හැමදාමත් කරා වගේ. ඒ වගේම ඔයත් සතුටින් ඉන්න." සර් මන් දිහා බලලා හිනා වුනා.

NOONAWo Geschichten leben. Entdecke jetzt