06

353 85 91
                                    


"කියන්න මියුන්හී, යාලුවො මේ වගෙ දේවලුත් කරනවද?"

ජන්කුක් මගේ කොන්ඩෙ යටින් අත යවන ගමන් මගේ බෙල්ලෙන් අල්ලලා එයාගෙ තොල් වලට තද කරගත්තෙ හිතන්නවත් වෙලාව නොදී.

"ජ්-ජන්කුක්-" මට කතා කරන්න නොදී ජන්කුක් මාව තවත් එයාගෙ තොල් වලට තද කර ගත්තා.

මන් කිසිම දෙයක් කරගන්න බැරුව ජන්කුක් ගෙන් ඈත් වෙන්න හැදුවත් ඒ මොහොතෙම මට දැනුනෙ මන් ඇඳන් හිටපු ටොප් එක යටින් එයාගෙ සීතල අත් දෙක යන්න ගන්නවා.

මන් තාමත් ගල් වෙලා මේ මොහොතෙ මගේ හැඟීම් තේරුම් ගන්න හදද්දී ජන්කුක් මගෙන් ඈත් වෙනව දැනුනා.

"Just kiss me back Myung-hee." මගේ ඉනෙන් රිදෙන්නෙ නැති වෙන්න හෙමීට තද කරපු එයා ආපහු මගේ තොල් අල්ල ගත්තෙ ඒ ගමන්ම මගේ ඇසුත් ඒකට අවනත වෙලා වැහෙද්දී.

කලින්‍ට වඩා ගොඩක් හෙමින් එයාගෙ තොල් මගේ තොල් අල්ල ගත්තෙ මමත් ඒ වේගෙටම එයාට අනිත් පැත්තට උත්තර දෙද්දී.

මන් හෙමීට කිස් බැක් කරද්දි මට දැනුනෙ ජන්කුක් ගෙ තොල් වලින් පොඩි හිනාවක් යනවා. ඒත් එක්කම මන් ඇස් ඇරලා බලද්දී දැක්කෙ ජන්කුක් එයාගෙ ඒ කතා කරන ඇස් චූටි කරගෙන මන් දිහා බලාගෙන හිනා වෙනවා.

ජන්කුක් මගෙන් ඈත් වෙලා එයාගෙ නලල මගේ නලල උඩින් තියාගත්තා.

"තාමත් මාව යාලුවෙක් වගේද පේන්නෙ?" මන් මගේ හිනාව නවත්ත ගන්න මගේ යටි තොල හපාගෙන ජන්කුක් ගෙ හුස්ම මගේ තොල් උඩ වැදෙන විදිහ වින්දා.

"ඔයාට මාව කිස් කරද්දී බය හිතුනෙ නැද්ද ජන්කුක්?" ජන්කුක් එතකොට එයාගෙ හුස්ම හයියෙන් පහලට දාලා මගෙන් ඈත් වුනෙ මගේ ඉනෙන් අල්ලලා තවත් එයා ලගට ඇදලා ගන්න ගමන්.

"මන් නිකන්ම ගෑනු ලමයෙක්ව කිස් කරයි කියල හිතනවද මියුන්හී? මන් ඔයා දිහා බලන්න ගත්ත දවසෙ ඉදන් දැනගෙන හිටියා මේකෙ තියෙන රිස්ක් එක. මන් බය නෑ මියුන්."

ජන්කුක් ඒ කියපු හැම වචනයක්ම මගේ ඇස් වලින් අහක නොබලම කියද්දි මාව රතු වෙන්න ගත්තෙ ලැජ්ජාට.

"When I say I like you Myung-hee I mean it. And I will do anything to keep you next to me. Got it?" මන් ලැජ්ජාවෙන් අහක බලා ගත්තා.

NOONAWhere stories live. Discover now