13

323 59 58
                                    

| නම්ජූන්

"ඩොක්ටර්…එයාට කොහොමද? ම්-මියුන්හී…එයාට කොහොමද?" ජන්කුක් ට උත්තර නොදී ICU එක ඇතුලට දුවපු ඩොක්ටර්ස් ලා දෙන්නා දිහා අතරමං වෙලා බලන් හිටපු ජන්කුක් දිහා අපි බලන් හිටියෙ දුකින්.

ජන්කුක් කියන්නෙ පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි ලැබෙන්න තියෙන ආදරේ නැතුව හැදුණු ලමයෙක්. එතකොට අපි හය දෙනා එකතු වෙලා ජන්කුක් ට තාත්තා කෙනෙක් වෙද්දි, මේ මියුන්හී කියන චරිතය එයාට අම්මා කෙනෙක් වුනා.

හැමෝම ජන්කුක් ගෙ ලස්සනටයි නමටයි වහ වැටෙද්දි මේ මියුන්හී කියන චරිතෙ ඒ කිසි දෙයක් ගනන් නොගෙන ජන්කුක් ට අපි වගේම සැලකුවේ කිසි වෙනසක් දැනෙන්න නොදී. මියුන්හී ගෙ ඒ වෙනස ජන්කුක් කාටත් වඩා හොදට දැක්කෙ ජන්කුක් හැමතිස්සෙම අනිත් අයට වඩා වෙනස් විදිහට මිනිස්සු දිහා බලන නිසා වෙන්න ඕනෙ.

ඒ අතරේ මියුන්හී ජන්කුක් ට මල්ලි කෙනෙක්ට වගේ සලකන්න ගද්දි ජන්කුක් එයාට අක්කා කෙනෙක්ට වඩා හොරෙන් ආදරේ කරන්න ගත්තෙ ජන්කුක් මියුන්හී ගෙ ඒ දකින අමුතු දේවල් වලට නොදැනුවත්වම  හිත යද්දී.

ICU එකේ දොර ළඟ හේත්තු වෙලා ඉන්න ජන්කුක් ඇස් දෙක වහගෙන වේගෙන් හුස්ම ගන්න දිහා මන් බලන් හිටියා. ජන්කුක් ට මේ මොහොතෙ දැනෙනව ඇත්තෙ එයාට අම්මෙක් වෙන ඒ අක්කා වගේම තමන්ගෙ ආදරේ තමන් ඉස්සරහ දුක් විදින කොට තමන් මෙහෙම මුකුත් නොකර අසරණයෙක් වගේ ඉන්නෙ කොහොමද එන තරහයි දුකයි කියලා මට හොඳටම විශ්වාසයි.

"මන් හොයා ගත්තා කරපු කෙනාව ජූන්." ජන්කුක් දිහා බලන් හිටපු මාව ගැස්සුනේ පිටිපස්සෙන් ආපු කටහඬකට.

"ඔෆිසර් ශින්?" මන් හිනා වෙලා මගේ යාලුවව බදා ගත්තා.

"පස්සෙ කතා කරමු මොකද ඊටකලින් මට ඔයාට මේක කියන්න ඕනෙ." කොළයක් මගේ අත උඩින් තියපු එයා මට ඒක බලන්න කියලා ඇහෙන් පෙන්නුවා.

අත උඩින් තිබ්බ කොලේ අනිත් පැත්ත හැරෙව්වම ඒකෙ තිබ්බ පින්තූරෙ දැකලා මන් ඒක දිහා ආයෙත් පාරක් හොදට බැලුවෙ මන් මේ දකින දේ විශ්වාස කරන්න බැරුව.

"මොකක්?" එතකොට එයා ඔලුව වැනුවා. "මේ කෙනා ඔයලත් එක්ක නේද වැඩ කරන්නෙ?"

NOONAOn viuen les histories. Descobreix ara