05

383 87 63
                                    

| මියුන්හී 

ජන්කුක් එයාගෙ උදේ ප්‍රැක්ටිස් එකෙන් පස්සේ පැත්තකට වෙලා මහන්සියෙන් කන දිහා මන් බලාගෙන හිටියෙ දුකෙන්. මොකද එයා ගොඩක් වෙලාවට කෑම ගැන හිතන්නෙ නැතුව වැඩ කරන නිසා.

මට තියෙන බය මේ ලමයට මෙහෙම ගිහින් මොකක් හරි ලෙඩක් හැදෙයිද කියලයි.

ජන්කුක් දිහා බලන් ඉන්න අතරේ මගේ උරහිසෙන් තිබ්බ අතක් නිසා මන් හැරිල ඒ පැත්ත බැලුවා.

"මියුන්හී, ඔයා කන්නෙ නැද්ද?" මන් හිනා වෙලා ඔලුව වැනුවෙ දැන්ම බඩගින්නක් නැති නිසයි.

"නෑ සුක්. මට බඩගිනි නෑ." එතකොට සුක් මගේ අතෙන් ඇදල අරන් මාව නැගිට්ටුවා.

"මොකක්! පිස්සුද කන්නෙ නැතුව ඉන්න? අද ගොඩක් වැඩ තියෙනවනෙ." මන් හිනා වෙලා කමක් නෑ කිව්වත් මේ පිස්සා මාව ඇදගෙන කැෆේ එකට එක්කන් ගියා.

සුක් කියන්නෙ මේ ළඟදි එන්ටර්ටේන්මන්ට් ආපු අලුත් කෙනෙක්. හරිම හොද කොල්ලෙක් වගේම මගේ වයසෙමයි.

-

මම සුක් එක්ක කාලා ආයෙත් ස්ටුඩියෝ එකට ආවෙ අපිට දුන්න බ්‍රේක් එක ඉවර නිසා.

මන් ඇතුලට ඇවිත් ජන්කුක් ඉන්න තැනට ගියත් එයා එතන හිටියෙ නැති නිසා මන් එතනින්ම ඉඳ ගත්තා. ඒ ඉඳගෙන විනාඩියක් යන්න කලින් ජන්කුක් මන් ඉන්න තැනට ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුනේ මන් දිහා නොබලම.

"කුකී, ඔයා හොඳට කෑව නේද?" මන් දිහා නොබලම ඔලුව වනලා සපත්තුවේ ලේස් එක ගැට ගහන්න ගත්තම මන් ඉන්න තැනින් නැගිටලා එයාට උදව් කරන්න එයාගෙ කකුල් දෙක ලගට නැවුනා.

"ඉන්න මන් කරන්නම්." ජන්කුක් ඒත් මුකුත් නොකියා මට ඒක කරන්න දීලා අහක බලා ගත්තා.

පව් කොල්ලට මහන්සි ඇති. 

"හරි කුකී-" එයා එතනින් නැගිටලා යන්න ගත්තා.

"තැන්ක්ස්." 

හහ්? මෙයාට මක් වෙලාද. නූනා කැලේ දැන්.

ජන්කුක් ආයෙත් එයාගෙ සෝන්ග් එක ප්‍රැක්ටිස් කරන්න ගත්තේ ඒකට ෆුල් ෆෝකස් එක දීලා.

පැය බාගයක් තිස්සෙ මන් එයා ප්‍රැක්ටිස් කරන දිහා ආසාවෙන් බලන් හිටියේ එයාගෙ අලුත්ම සින්දුව පුදුම ලස්සන නිසා.

NOONAМесто, где живут истории. Откройте их для себя