•chapter 01°

695 82 62
                                    

( #හායි ගායිස් මන් කලින් දුන්න Gl ff ඔක්කොම oneshot නිසා හැමොම ඉල්ලුවා ongoing එකක්... කම්මැලිකම නිසා තමා oneshot ඒවා දීලා බේරුනේ...

ඒත් හැමදාම එහෙම කියලා බේරෙන්න බැරි සිටුවේශන් එකක් තියෙන්නේ 🥲

අනේ මන්දා ලස්සන වෙයිද කියලා මට ඕනි ෆීලින්ග් එකක් තියෙන්නෙ ටික වේලාවයි කන්ටිනිව් කරන්න අමාරුයි...🥲 බලමු ලස්සන නැත්තම් කියන්න නවත්තන්නම්...

කියවලා ,රස විදලා, ශෙයාර් කරලා උදව්වක් දෙන්න...# )

------------------------------------------------------------

ඉහිම් අද තමා O/l exam එක පටන් ගන්න දවස....මාව නිකම් ගිනිගන්නවා වගේ...
උදෙන්ම නැගිටලා මූන හෝදගෙන යුනිෆෝම් එකත් ඇදලා කොන්ඩෙත් පීරගෙන පුටුවෙන් ඉදගත්තේ එලියට බහින්න නැකත් වෙලාව එනකම්...

'සුදු නෝනා....කෝ බත් කන්න...නැත්තම් නැකතට එලියට බහින්න බැරි වෙයි...'

මට බඩගිනි නෑ අම්මේ මන් මේ රත් වෙල ඉන්නේ...

'පාඩම් කරානම් බය වෙන්න දෙයක් නෑ නි සුදුනෝනා..කෝ කට අරින්න මන් කවන්නම්....නැත්තම් පේපරේ ගත්තාම බඩගිනි උනොත් ලියාගන්නත් බෑ...'

අම්මාගේ දේශනෙන් මට බාගයක්වත් ඇහුනෙ නෑ.... සිහිය තිබ්බේ අද මොනාද ලියන්නෙ කියලා.... බුද්ධ ධර්මය මගේ ආගම උනාට මට ඒකේ ගාථා කටපාඩම් වෙන්නෙම නෑ ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බැරි දෙයක්... ඒ හින්දා මට ආමාරුම විශක් විදියට දැනුනේ....

'මෙයා... සුදු නෝනාව දැන්ම ගෙනියව්වා නම් හරි බස් එක මිස් උනොත් පරක්කුවෙයි...'

'බලන්නකෝ මේ දවස් වලම පැට්‍රල් නැති වුනා නේ ළමයි පව්....මන් කැමති නෑ අනික සුදු නෝනව බස් වල යනවට....මටත් යන්න තිබ්බා ස්කෝලේ නැත්තම්....'

අපරාදේ තාත්තා හිටියානම් මට අතේ එල්ලිලා යන්න තිබ්බා කොහෙද තාත්තා වැඩ කරන ස්කෝලේ පොඩි උන්ට ක්ලාස් දාලා තාත්තා ගණිතය උගන්නන නිසා අනිවාරෙන්ම යන්න ඕනලු මොනා කරන්නද මගේ වෙලාවනේ.... සපත්තුවේ ලේස් ගැට ගහන ගමන් අම්මාගේ බත් ගුලිය කටේ දාගෙන හිතන්න ගත්තේ හරිම... හරිම... මොකක්ද අනේ මන්දා මොකක්ද හැගීමකින්....

ආලේ මල්....♡||GL|Where stories live. Discover now