•Chapter 4°

350 59 94
                                    

බැරල් සයිස් ඇන්ටිට ෂීට් දෙකක් වෙන් වුනේ අපි දෙන්නා එක ෂීට් එකකට හිර වෙනකොට...

ටිකක් දුර බස් එක ගිහිල්ලා නැවතුනේ ට්‍රැෆික් එක නිසා... තෙල් පොලින් නිසා බස් එක්‌කට තියා ඩිමෝ බට්ටෙක්ටවත් යන්න බැ පාරේ
ඉතිම් බස් එක ගියේ ඉබි ගමනින්...

කොන්ඩේ කොට කෙල්ලගේ අතේ මගේ අත නොගැවෙන්න පුළුවන් තරම් මම ජනේලේ ලගට ලන් උනා....

ඇයි දෙයිනේ මටම මෙහෙම වෙන්නේ....
වෙන තැනක් තිබ්බෙම නැද්ද මේකිට ඉදගන්න උදෙත් ඔලුව වද්දලා හවස මරලම යන්න වෙන්න ඇති එන්න ඇත්තේ..

සැක්‌... මන් එහෙ මෙහෙ වෙලා බැලුවේ මේකිගේ යාලුවෝ ලග පාතක ඉන්නවද බලන් හිටියොත් ඉවරයි....

උන් හෙන කයියක් ගහගෙන ඉස්සරහ ඉන්නවා...ඇයි මේකි එතනට ගියේ නැත්තේ....

මම හිත හිත ඉදලා හොරෙන් එයා දිහා බලන්න යනකොටම

ආව්..

අයියෝ කොන්ඩේ ජනේලේ කොක්කේ හිර වෙලා...
ශික් ගල්වෙන්නෙත් නෑ...

කොන්ඩේ කොට කෙල්ල ඒක දැක්කත් නොදැක්කා වගේ හිටියා... අනේ මහා...

මන් පුළුවන් තරම් ට්‍රයි කරා ගැලවෙන පාටක් නෑ....අනේ පීස් දෙවියනේ උදව් කරන්න...

දාන්න ඕනි හැම දහ අටපට්ටමම දාලා ගලවන්න හැදුවත් ගැලවුනෙම නෑ....

"කෝ ඉන්න... "

හිටියෙ ලොකු දුරකින් නොවුනත් එයා මට හොදටම ලන් උනා....මම කිසි දෙයක් නොකියා බිම බලාගත්තේ ඇග හිරිවැටිලා යද්දී...

මෙහෙට හැරෙන්න...

මන් හිටපු විදියට එයාට එතන පේන්නේ නෑ කියලත් හරව ගත්තොත් එයාගේ ඇස් ලගට මම තවත් ලන් වෙනවා දන්න නිසා හැරුනේ නැතත් එයා කම්බුලෙන් අල්ලා එයාගේ පැත්තට හරවගත්තේ මම් ඩිම් වෙලා යනකොට....

පොඩ්ඩක් ඉන්නකෝ ඩිම් වෙනවා කියන්නේ ලයිට් එකේ එලිය අඩු වෙන එකටනේ... එකෙයි මේකෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද... හුවෑ

කොච්චර ලන් වෙලාද කිව්වොත් එ උණුසුම් හුස්ම මගේ මුනට දැනුනා...

ආලේ මල්....♡||GL|Where stories live. Discover now