•Chapter 5°

270 51 64
                                    


ඔව් ඇයි මොකද...

මන් නිකම් ගහන්න වගේ කතා කරනකොට එයා කොට කොන්ඩෙත් අවුල් කර කර හිනා වෙලා ලගට අවා...

"සර්ට ඉරිදට ක්ලාස් කරන්න පුළුවන් වෙයිද දැන් නෑ නේ...."

ක්ලාස් ඇයි මේ... මෙකි මීටරේ නේ ඇයි එහෙම අහන්නේ

ආ.... එක්සැම් එකට කලින් දවසේ නේ...
මන් අහලා කියන්නම් ශෙනුකි..

"අදම මට කියන්න පුළුවන් වෙයිද..."

අදම... නම්බර් එක දෙනවද බැ බැ මට බැ මගේ නම්බර් එක දෙන්න... මොකක්ද කියන්නේ.... ආ හවස තාත්ති එනවා නේ...

අ... අද තාත්ති මාව ගන්න එනවා හවසට එතකොට අහන්න..

"හ‍රි සෙනු තැන්ක්.."

ජනු එකී දිහා කන්න වගේ බලන් ඉන්නවා... මන් ඉක්මනට එතනින් ජනුවත් ඇදගෙන අවා...

එයා ගේ අයි කන්ටැක්ට් වෙනවා වැඩි.. මම් කතා කරන පුරාවට එයාගේ ඇස් තිබ්බේ මගේ ඇස් වලටමයි.... ඒක මට අමුතුවට දැනුනා....

ඔක්කොම අමතක කරලා එක්සෑම් හෝල් එකේ ඉදගත්තේ ටිකක් බයෙන්... ඉතිහාසය නම් මෙලෝ රහක් නෑ හැම පීරිඩ් එක්කම් මායි ජනුයි නිදාගත්ත එක කරේ... මැඩම් මුකුත් කියන්නෙත් නෑ එයා ඔහේ උගන්නවා..

ඉස්සෙල්ලාම තිබ්බේ දෙවනි කොටස... හේ හේ මට නම් හෙන අමාරුයි පේපර් එක... විස්තර කරන ඒවා දෙකක් තියනවා නේ ඒවගෙන් එක්කට දැනගත්තට අනිත් ඒක දන් නෑ... සිරියමේ සරා ජනුත් සැරින් සැරේ මන් දිහා බලනවා... උත්තර කියන්න තියා ඔලුව වත් උස්සන්න බැ බලන් ඉන්නවා... පැය තුන ගෙවිලා අන්තිම තප්පරයෙත් මන් සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා C එක්‌කටවත් නග්ග ගන්න....

මන් දන් නෑ.... මට මතක නෑ.....ඔන්න ඔහේ පාස් උනොත් ඇති කියලා හද්ද පච ලියපු පේපරේ දුන්නා

ජනුයි මායි කයියක්‌ ගහගෙන බෑග් තියන තැනට ගියා...

එතකොටම එතනට දුවගෙන ආවේ සෝමේ අන්කල් අපේ ස්කොලේ මුරකාරයා...මාව හොදට දන්නවා ගුරුවරුන්ට හවස රැස්වීම් තියෙද්දී මායි අනිත් ගුරුවරුන්ගේ ළමයි බාර දීලා ගියේ සෝමේ අන්කල් ට... අපිට කන්න එහෙමත් ගේනවා වෙලාවකට...

ආලේ මල්....♡||GL|Where stories live. Discover now