•Chapter 2°

322 56 41
                                    

අම්මා තේ....

ඈනුමක් යවන ගමන් කොන්ඩෙත් අවුස්ස අවුස්ස කුස්සියට ආවේ තේ බොන්න.. මට උදේ තේ එක නැති උනොත් දවස ඉවරයි....
තේ එකයි මමයි අතර සන්සාරික බැදීමක් තියෙන්නේ...

අම්මා හදලා දුන්න සීනි අඩු කහට වැඩි තේ එකයි මාරි බිස්කට් වල ගෝල්ඩ් මාරි , ටිකිරි මාරි , චොක්ලට් මාරි වෙන වෙනම පුරවලා තියන බෝතල් වලින් මාරි බෝතලේ අරගෙන ආවේ tv එක ඉස්සරහට....

ටිකිරි මාරි ස්කෝලේ ඇරිලා ඇවිල්ලා කනවා... ගොල්ඩ් මාරි කන්නේ රෑ බඩගිනි උනොත්..

ඇයි දෙයියනේ උදේම පිරිත් දාන්නේ නැතුව කාටූන් දාන්න බැරි....

මම කන වෙලාවටයි තේ බොන වෙලාවටයි විතරයි tv බලන්නේ එක්කො කාටූන් නැත්තම් එනිමි...

උදේම යන්නේ පිරිත් නේ.... මම ඒකේ පිරිත් කියන හාමුදුරුවෝන්ගේ ඇද හොයනවා.... ඒක පව් වැඩක්ද අනේ මන්දා මට ඒක නිකම්ම වෙනවා....

අම්මා මේ අර බලන්නකෝ අර හාමුදුරුවෝ නිදි ආ නෑ නෑ සැතපිලා අර....

මම හිනා වෙවි අම්මට කියද්දි...
'සුදු නෝනා ඉක්මනට ඔය තේ එක බීලා ලෑස්ති වෙන්න....'

අම්මා මට එහෙම කියලා ගස්සගෙන ගියා...අම්මාගේ ගැස්සිල්ල නම් සුපිරි තාත්තා රැවටෙන්න ඇත්තේ ඕකට තමා...දැන් කොන්ඩේ කපලා උනාට ඉස්සර පස්ස ගාවට කොන්ඩේ දිගයි තවත් ලස්සන ඇති.... ආඩම්බරයි ඉතිම්.... කපන්නත් උනේ මන් හින්දා නේ මාව හම්බුනාට පස්සෙ අම්මි හොදටම ලෙඩ වෙලා ඊට පස්සෙ කොන්ඩේ ගොඩක් ගිහිල්ලා දැන් තියෙන්නේ උරහිස ගාවට... අපරාදේ හැබැයි...

මූන හෝදගෙන සුදු ගවුම ඇදලා කන්නාඩිය ඉස්සරහට ආවේ කොන්ඩේ පීරන්න...

ඉනගාවට තියන මාගේ කේශ කල්‍යානියේ හිමිකාරිය අම්මා.. කපනවා තියා කතුරක් අහලකින් යවනවටවත් කැමති නෑ....

අර කොන්ඩේ කොට කෙල්ලගේ අම්මා කොච්චර හොද ද...

මට නිකම්ම කටෙන් කියවුනා....අම්මත් එතකොටම බත් එකත් අරගෙන මන් ලග...හරි නේ අමාරුව...

'කවුද නෝනා කොන්ඩේ කොට කෙල්ල...'

හී අම්මට ඒකත් ඇහුනද අම්මත් දැන් නරක පුරුදු පුරුදුවෙලා හොද නෑ එහෙම අනිත් අයගේ කතා අහන් ඉන්න...

ආලේ මල්....♡||GL|Where stories live. Discover now