•Chapter 11°

244 33 35
                                    

එක පාරට උරහිසට බරක් දැනුනා...උනුසුම් සුසුම් බෙල්ලේ ගෑවි නොගැවි ගියා.. 


" ස්ටේ ස්ටියිල්... මට ටිකක් නිදිමතයි... " 


මන් ගල් උනේ මුලු ඇගේම ලේ ගමනා ගමනය වැඩි වෙද්දි...එයා නම් සැපට නිදි මන් මෙහෙ ඇවිලෙනවා...නිදිමතයි කියලා මගෙ උරහිසට හේත්තු වෙන්න ඕනි නෑ නේ..අනික මේ මනුස්සයාගේ හුලගට ගහගෙන යන සයිස් එකට හිටියට  ඇටකටු බරයිද කොහෙදෝ....එත් මට තේරුනේ නෑ ඒ දැනෙන්නේ  එයාගේ ඇගේ බර නෙවෙයි හදවතේ මට තියන ආදරේ කියලා... මන් ඉතිම් ජනේලෙන් එලිය බලන් ආවේ එයා මාව ලන් කරගන්න බය හිතට දැනෙද්දි..ඒත් මන් දන් නෑ ගිනිගන්න අහංකාර ඇස් දෙකක් අපි දිහා සැරින් සැරේ බලනවා කියලා.. ඇත්ත ඔයාලට හිතෙනවා ඇති. මම මුකුත් දන්නේ නෑ මට තේරෙන් නැ  කියලා...  ඔව් මන් මහා මෝඩියෙක් මේ හැගීම් වලට මොකද  මට සමාජ ආස්‍රයක් නොලැබුන නිසා.. ඒ වගේම මගේ ආදරය.  තාමත් කුලුදුල් නිසා.. ඒ උනු උනුවේ තියන ආදරේ මන් කාට හරි දෙන්න බය උනා...


මාලිගාව පහු කරගෙන යන ලොකු වංගුවට ලන් වෙද්දි ශනුකිට හොදටම නින්ද ගිහින් වග තේරුනේ උරහිසෙ තියන් ඉන්න ඔලුව කඩාවැටෙන්න ඔන්න මෙන්න කියලා මට දැනෙද්දි...අනේ දෙයියනේ මේ මනුස්සයා  වැටෙයිද දන් නෑ මන් එම්.කේ දැන් වැටුනොත් එහෙම හතරවිලිලැජ්ජාවයි.... වෙන කරන්න දෙයක් නෑ මන් එයාගේ වම් අත තදින් අල්ලගන්නවා මිසක්... හිතුවා වගේම මන් ඒක කරා... එයාගේ ඇගෙන් කිසි ප්‍රතිචාරයක් නැති උනත් මෙතෙක් වෙලා හිමින් වැදුනු හුස්මේ රිද්මය ටිකක් වෙනස් උනා කියලා බෙල්ලට හොදට දැනුනා.. මේ මනුස්සයා මගෙන් වෛරයක් පිරිමහනවද කොහෙද අෆ්ෆා.


ඒයි සෙනූ කටවහ ගනිම් ඒ ලමයට අම්මා නෑ කියලා උබට අමතකද උබ ගැන විතරක් හිතන්න එපා ඒකි ගැනත් හිතපන් මන් හිතුවේ නෑ තෝ එච්චර ආර්මාර්තකාමි කියලා... අම්මගෙන් ලැබුන් නැති ආදරේ උබෙන් හොයනවා වෙන්න බැරිද කියපන්... උබ මේ ගනන් වත් ගන් නැති එකකියක් පස්සෙ යනවා ලැජ්ජයි බන් මට ලැජ්ජයි.. සිරාවටම...


අප්පටසිරි වෙන්න මගේ මොලේ මාත් එක්ක විවාද කරද්දි මට දැනුනේ ලෝදිය හැලියක් මගෙ හදවතට වක්කරනවා වගෙ ඒ දැනුනු හැගීම එච්චරටම සැර වැඩී...

ආලේ මල්....♡||GL|Where stories live. Discover now