•Chapter 7°

226 47 41
                                    


එක පාරටම ඒ කාර් එක ආය මේ පැත්තට ඇවිල්ලා හරවගෙන අපි ඉන්න හෝල්ට් එකෙන් නතර කරා

මේ මොකද මේ.... 

ඒ කාර් එක රිවස් කරන් ඇවිල්ලා හොල්ට් එක ගාවින්ම නතර කරා...මන් කම්පියුස් උන්ගා බුන්ගා වෙලා හිටියේ ඒත් එක්කම ශටර් එක පහලට කරලා කතා කරේ...


Good morning වීරේ සර්

"අහ්හ් මේ Mr.පෙරේරා නේ....Good morning මොකද අද මේ පැත්තේ"

හං හං අර  අලුත් බිල්ඩින් එකක් හදන්වා මේ පැත්තේ රෙස්ට්ටුරන්ට් එකක් දාන්න ඒ ගමන්ම දුව ව ඇරවලා යන්න ආවා

"ආ හරි හරි මේ ලගද......."

..........


ඊට මෙහා පැත්තින් හිටියේ ඔව් ඔව් ඔයාලා  හරි එ ශනුකි...

 අනේ මන්දාහ් මොනා උනත් එයා හිනා වෙනකොට ලස්සනයි...එයාට තිබුනේ කර්ල් කොන්ඩයක් ගානට අගින් කැරලි ගැගිලා තිබ්බේ ඕනි  කෙනෙක් ආස හිතෙන විදියට... හීනී තොල් මැද හිනාවෙනකොට පේන නල දත එයාව තව තවත් ලස්සන කරා...ඒ තද දුබුරු ඇස් ගොඩක් තියුනුයි එයාගේ නපුරු බැල්මට ඒක හොදටම ගැලපුනා.... අනේ මන්දා විනාඩි දෙකක් නැත්තම් ඊට වැඩීද මන්දා එයාගේ ඇස් වල මන් අතරමං උනා.....


"සෙනූ.... දුව.... සෙනූ..."


අහ් මේ.... ඕ ඇයි තාත්තේ.... 


මම එකපාරටම ගැස්සුනේ තාත්ති ගේ කටහඩ ඇහිලා.. අශ්හ් මට මොනා වෙලාද..

"දුව එහෙනම් මෙයාලා එක්ක යන්න වැස්සත් තදේට එයි වගේ..."


ආ හා තාත්තේ ඒත් ජනුකි බස් හෝල්ට් එකෙ ඉදී මන් එනකම්...


"ආ මන් දැන්ම කෝල් එකක් අරන් කියන්නම් ජනුකිගෙ අම්මට....."


හරි තාත්තේ.. 

ශනුකි ඔයත් පිටිපස්සට යන්න යාලුවා තනියෙන් නේ..

ඒත් එක්කම ශනුකි ඉස්සරහ ශීට් එකෙන් බැහැලා පිටිපස්සට ඇවිල්ලා දොර ඇරන් හිටියේ මන් නගිනකම් මම තාත්ති දිහා බලලා බෑග් එකත් අතට ඇරගෙන නැග්ගා ඊට පස්සේ ශනුකි තාත්ති ‍ට කතා කරලා නැග්ගා

ආලේ මල්....♡||GL|Where stories live. Discover now