•Chapter 9°

375 48 15
                                    


ඊට පස්සෙ තියන හෝල්ට් එකෙන් බස් එක නතර කරනවත් එක්කම මන් බැලුවේ පිටිපස්සහා දොරින් මන් බලාපොරොත්තු උනු කෙනා බහිනවද කියලා... 


ඔව් එයා බැස්සා නිකන් නෙවෙයි යාලුවොත් එක්ක හිනා වෙවීම..

මේ කපටිච්චි බොරු නේද කියලා තියෙන්නේ මම ඒ දිහා බලාගෙන මිමිනුවා....

ඊට පස්සෙ මන් නැගිට්ටේ ඉස්සරහින් මන් බහින නිසා..බස් එකෙන් බැහැපු ගමන්ම තාත්ති බයික් එකේ ඇවිල්ලා හිටියා මාව ගන්න මාත් එක්කම හන්දියේ කඩේට ගිහිම් බඩුත් අරගෙන කඩසෝරු කකා ගෙදර ගියා..බයික් එකේ යන ගමනුත් කන්න මම් ලැජ්ජා වෙන් නෑ අනික වැටෙයි කියලා බයත් නෑ..


වොශ් එකක් දාලා කාලා බීලා කාමරේට ආවේ පාඩම් කරන්න සෞඛ්‍ය නිසා ඇත්තටම පාඩම් කරන්න දෙයක් තිබ්බෙ නෑ ඒ නිසා පාස් පේපර්ස් පොත අරගෙන mcq ටිකක් කර කර හිටියා...


ඒත් එක්කම ඔලුවට ආවේ ජනුකිව... අහ් ශිට් වැලපෙනවද  දන්නෑ... ඒ දෙන්නා msg කරන්න ගත්තේ කවදා ඉදන් ද... ඒ දෙන්නා සෙට් නේ ඉතිම්...මේ ජනුකි පන දාගෙන නැටුවට ඒකි එහෙම හිතන් නැද්ද දන් නෑ... මාත් හදිස්සි උනා නේ... ශනුකි එක්ක කතා නොකර ඉන්න තිබ්බේ දැන් එයත් ෆෝම් වෙලා... එදා අතින් ඇල්ලුවේ මන් නේ... මේ හැමදේටම වගකියන්න ඕනි මන්ද.... මට පොතේ පිටු අතරින් සෞඛ්‍ය ප්‍රශ්න වලට වඩා මැවි මැවි පෙනුනේ දැන් පටලැවිලා තියන ලව් ප්‍රශ්න....


පැය බාගෙට ලන් වෙන්න කල්පනාවක හිර වෙනකොට එක පාරටම ඇහුනේ මගේ ගඩොල් බාගෙට කොල් එකක් එනවා... මගේ කිව්වට මගෙ නෙවේ තාත්ති ගේ නේ. තාත්ති වැඩිය පාවිච්චි කරන්න දන් නැති නිසා මන් තමා ඔක්කොම කරලා දෙන්නේ ඒ නිසා හැමවෙලේම වගේ මන් ලග තියෙන්නේ....


කවුද මේ වෙලාවේ ගන්නේ....අහ් ජනුකි.... කරදරයක්වත්ද.....

හෙලෝ ජනුකි.... කියන්න....


අඩෝ තිරිසනී ඔන්ලයින් එන්න බැරිද ඉක්මනට වරෙන්කෝ පෙන්නන්න බඩුවක් තියනවා...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ආලේ මල්....♡||GL|Where stories live. Discover now