07 💎

246 63 17
                                    

අද මීට කලින් තව එපි දෙකක් දැම්මා..ඒ දෙක කියවලා එන්න 🤗💎

Zhan's POV ❤️

Lin interval එක වෙලාවෙදි මාත් එක්ක ටිකක් කතා කරන්න ඕනි කියපු නිසාම එයත් එක්ක මම school එකේ ground එක පැත්තට ආවා... ළමයි හිටියා උනත් එයාලට අපිව ගානක් නෑ... එයා එක්ක කවුරුත් නැති තැනකට යන්නත් බයයි වගේ..ඒ නිසයි මම ground එක පැත්තට එයා එක්ක කැමැත්තෙන්ම ආවේ...

ටික වෙලාවක් අහස දිහා බලන් හිටපු Lin එක පාරට මගේ අත් දෙක එයාගේ අත් අතරට ගත්තෙ මම අත් ගලවගන්න try කරද්දි..

ශ්ශ් ...zhan please කරදරයක් කරන් නෑ මම... මට දෙයක් කියන්න තියනවා ඒක ඔයාගේ අත් අල්ලන් මට කියන්න දෙන්න..එයා කියද්දි දැගලුවත් අත් ගලවගන්න බැරි නිසාම අකමැත්තෙන් හරි ඒකට කැමති උනේ කියන එකක් අහන් ඉදලා ඉක්මනට මෙතනින් යන්න ඕනි නිසා..

"Zhan ....ඇත්තටම බැරිද ඔයාට මගේ room එකට එන්න..මං දන්නවා ඊයෙ උනු දේ වැරදි තමයි..ඒත් ඒ වෙලාවෙ මට මගේ හැගීම් පාලනය කරගන්න බැරි උනා...මේක මේ විදිහට කියන්න ඉදපු දෙයක් නෙමෙයි..ඒත් ඔයා මං ගැන වැරදි විදිහට හිතනවට අකමැති නිසා මං මේ දේ කියන්නෙ..මං ඔයාට කැමති zhan...... නෑ ... මං ආදරෙයි ඔයාට දැකපු දවසෙ ඉදන්...ඔයා මාව තේරුම් ගන්නවා නේද ආ ..."

Lin මගේ ඇස් දිහා බලන් මගේ අත් එයාගේ අත් වලට ගුලි කරන් එක දිගට කියවන් යද්දි මං බලන් හිටියෙ පුදුම වෙලා...එයා ⁣ආදරෙයි ... මේ මට.. ඊයෙ වෙච්ච දේවල් සිද්ධ උනේ ආදරේට කියලද කියන්නෙ..එච්චර මාව බය කරේ...ඒ ආදරේද...

නෑ Lin ඔයා ආදරේ ඇති ඒත් මම හොයන විදිහෙ ආදරයක් ඔයා ළඟ නෑ අනික මගේ හිතේ Lin ගැන පොඩි හරි පැහැදීමක් තිබුනා නම් ඒකත් ඊයෙම නැති උනා...

"මං ඔයාව තේරුම් ගන්නම්...ඒත් ආපස්සට මගෙන් ආදරයක් බලා⁣පොරොත්තු වෙන්න එපා Lin... දැන් මගේ අත් අතාරින්න.."

මම එක දිගට කියවන් ගියෙ එයාගේ ඇස් දිහා බලාගෙනමයි..එයාගේ හිත රිදෙන්න ඇති..එයාගෙ අත් වලින් මගේ අත් ඉබේටම නිදහස් උනා... සමාවෙන්න Lin ඒත් බොරු බලාපොරොත්තු දෙන්න බෑ මට...

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now