13 💎

245 58 8
                                    

Yibo's POV 💚

මේ තමයි මම මගේ අතීතෙ ගැන කතා කරන පලවෙනි පාර තවත් කෙනෙක් එක්ක...මම බයයි ඒ අතීතෙට...ඒ්ත් කියුට් කිවවා වගේ එයාට අයිතියක් තියනවා මේවා දැනගන්න...

මම මේ දේවල් කාත් එක්කවත් කතා නොකරන්න හේතුව මට මේ ලෝකෙ මෙච්චර දවසක් හම්බුන හැම ඇස් දෙකකම මම දැක්කෙ මං වෙනුවෙන් පිරුන අනුකම්පාවක් උන එක...අනුකම්පාවක් නැත්තම් ඒ ඇස් වල ලියවුනේ මම පිස්සෙක් කියන බැල්ම...

ඒත් කියුට් එහෙම නෑ...මම මුලින්ම එයාව දැක්කෙ එයා හා පැටියෙක් වගේ ගුලි වෙලා නිදන් ඉද්දි...club එකේ වැඩ කරන් මම room එකට ආවේ වෙනදටත් වඩා ගොඩක් පරක්කු වෙලා ... ඒ අලුත් roommate කෙනෙක් අද එනවා කියලා දන්න නිසාම යි...

ඒත් එයාව දැක්කම හිතුනා කලින් එන්න තිබුනා කියලා .... මට දැනුනෙ එයා නිසා room එක විතරක් නෙමේ මගේ ලෝකෙත් එලිය වෙන්න යනවා වගේ හැගීමක්....ආයමත් මේ ලෝකෙ මට මගේ කියන කෙනෙක් හම්බුනා වගේ හැගීමක් ඒක..

මම මගේ කතාව කියන්න කලින් ආයමත් කියුට් දිහාවට හැරිලා බැලුවා....එයාට මේ කතාව කියලා හිත නිදහස් කරගන්න මටත් එයා දැකපු දවසෙ ඉදලමයි ඕනි උනේ..ඉතින් තවත් පරක්කු නොකර මේ දේවල් මම එයාට කියනවා..

*
*
*

Yibo's POV

වසර තුනකට පෙර ....
@ south korea

"අනේ gege ... මමයි ඕක එල්ලන්නෙ .... ගිය පාරත් ඔයාමයි ඕක කරේ....."

"Nope mei mei ගිය පාර law එකමයි මේ පාරත්..උස කෙනාටයි පුළුවන් ⁣x-mas tree එකේ තරුව එල්ලන්න ..... ඔයා ගිය පාරත් මට වඩා මිටී....මම හිතන් හිටියෙ මේ පාර ඔයාට දෙන්න තමයි...ඒත් අවාසනාවකට..... ඔයා මේ පාර ගිය පාරටත් වඩා මිටි වෙලා..."

"කන පලාගන්නවද ඕක දෙනවද ආහ් ..."

"ඉස්සෙල්ලා උස යනවා ... දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑ ..කතාව මගේ කන පලන්න..."

"අනේ පපා ඇයි ඔයා මමාවම කසාද බැන්දෙ...මමා මිටි නිසයි මේ සේරම...ඒකනෙ මාත් මිටි...gege. විතරක් පොල් ගහ වගේ උස ගියෙ කොහොමද අප්පා...මේක හෙන අසාධාරනයි ..... එල්ලගන්නවා ඕක x-mas tree එකේ බැරිනම් බෙල්ල වටේට හරි කමක් නෑ...."

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now