11 💎

243 60 14
                                    

Zhan's POV❤️

උන හැදිලා හිටිය නිසාමද මන්දා yibo දවල් කාපු වෙලාවෙ ඉදන් කරේ නිදා ගත්ත එක... මම ඒ අතරේ අද school එකේ උගන්නපු දේවල් වල note එකක් දා ගත්තා...එයාටත් එක්කම...

හවස හතර විතර වෙද්දි කිසි කතාවක් නැතුව නැගිටපු එයා තනියම coffee හදන්න පටන් ගත්තා...සමහර විට මට school වැඩ නිසා වෙන්න ඇති කතා කරන්න නැතුව ඇත්තෙ...

Coffee හද හද හිටපු එයා මගේ ඇස් ඉස්සරහින් table එක උඩ මටත් coffee mug එකක් තියද්දි මම එයා දිහා බැලු⁣වෙ පුදුමෙන්..යාළුවො වෙමු කිවුවට ඒ නිකම් වචනෙට විතරක් කියලද කියලයි මම බය වෙලා හිටියෙ...ඒත් ඒක එහෙම නෑ කියලා ඒ වෙලාවෙ මට හිතුනා...

ඇස් වලින් ඇයිද අහපු එයාට ඔළුව දෙපැත්තට වනලා මම මොකුත් නෑ කියලා අගවද්දි coffee mug එකත් අරන් එයා ගියෙ බැල්කනි එකට...

School වැඩ කරපු මගේ හිතත් coffee mug එක අරන් එතනට පලයාාාම් කියද්දි බෙල්ල පිටිපස්සත් එක අතකින් කස කස coffee mug එකත් අරන් මමත් ගිහින් බැල්කනි එකේ එයාට අඩි දෙකක් විතර දුරකින් හිට ගත්තා...

බැල්කනි එකේ වැටට බාගෙට එක අතක වැලමිට කියලා අනික් අතේ coffee mug එක තියන් පැහැදිලි අහස දිහා බලන් හිටපු එයා මම දිහා එක පාරක් හැරිලා බලලා ආයමත් අහස දිහා බැලුවෙ coffee උගුරක් බොන ගමන්...

"කොහේ යමු කියලද කිව්වෙ මට..."

අපේ අතරේ නිහඩතාවෙ බිදගෙන එහෙම ඇහුවෙ මම.. ඔන්න ඔහේ එයත් එක්ක ඒ තැනට යනවා කියලා මම හිත හදා ගත්තා අන්තිමට...ඒකයි එහෙම ඇහුවෙ...

"යන්න බැරි නමි දැනගෙන වැඩක් නෑනෙ..."

හැච හැච තමයි...තරහෙන් ඉන්නෙ තාමත් බෑ කිවුවට..මේ පාර අහන්නෙ එන්න කියලා එයා දන් නෑනෙ..

"මං එන්නම්.."

"ඇත්තටම..."

එයා පුදුමෙන්...මම ඔළුව වැනුවෙ ඔව් කියන්න...

ඔළුව හොලව හොලව හිටපු මගේ හිස් අත එයා එක පාර අල්ලගත්තා

"ඒ මොකද මේ...."

" එන්න යමු..."

"දැන් ..."

"බැරිද..."

"නෑ යමු.."

යමු කිවුවට මේ වෙලාවෙ යමු කියයි කියලා හිතුවෙ නැතත් ආයම පාරක් එයාට බෑ කියන්න හිත නොදුන්න නිසාම මම කැමති උනා...

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now