16 💎

220 67 12
                                    

Zhan's POV ❤️

ඒක එච්චර ලස්සන කතාවක් නෙමෙයි...ඒත් කතාව ඇහුවට පස්සෙත් තාමත් මට හිතාගන්න බැරි උන දෙයක් තියනවා...ඇයි එයාට ගුරුවරු ,ළමයි ...එයාව දන්න හැමෝම පිස්සෙක් කියන්නෙ...ඔව් මම විතරක් නෙමෙයි ...ඔයත් ඒ හේතුව නොදන්නවා ඇති bobo ...

bed එකට වෙලා සැනසිල්ලෙ ඇස් පියන් එයා දිහා බලන් මං දිග කල්පනාවකට වැටුනෙ මගේ sheet එක ඇතුලෙ ගුලි වෙන ගමන්...

කොයිකරම් නම් අමාරු වෙන්න ඇතිද... දුක හිතුනත් දුක බෙදා⁣ගන්න තමන්ගෙ කෙනෙක් නැති වෙද්දි...තමන්ගෙ හදවතට ළඟ කෙනෙක්...දන්නවද ඒ ඇස් වලට එක කඳුළක් ඉනුවෙ නෑ ඒ අතීතෙ මතක් වෙද්දි...ඒකෙ තේරුම එයා දුකින් නෙමෙයි කියන එකද ...නෑ....ඒ හැමදේම මතක් වෙද්දි හැම මොහොතක්ම වචන කරලා මට කියන්න කලින් එයා ලොකු හුස්මක් අරන් එයාගේ පපුව පුරවගන්නවා මම බලාගෙන .... ඒ පපුවට ඒ දේවල් බරක්..අඩන්න ඕනි තැනදිත් ඇඩෙන්නෙ නැති වෙන්න තරම් එයා තනියම ඒ තැන් වල අඩන්න ඇති...

මටත් නොදැනීම මාත් මගේ පපුව පුරවගන්න ලොකු හුස්මක් ගත්තා...මේ room එකට මිට කලින් කි දෙනෙක් ආවද...ඒ්ත් ඒ එකම කෙනෙක්...එකම ⁣එක කෙනෙක්ටවත් බැරි වුනාද ඒ පපුවෙ තියන වේදනාව අදුරගන්න..අනික් හැමෝම කියන පලියට පිස්සෙක් නොකියා...

ඒත් මට සතුටුයි  ...වෙන කවුරු හරි එයාගේ වේදනාව දැක්කනම් මට බැරි වෙයි කවදාවත් එයාට ලං වෙන්න...ගොඩක් පරක්කුයි කියලා මං දන්නවා උනත් ආයම කවදාවත් ඔයා තනි වෙන එකක් නෑ බෝ බෝ...මොකද මම ඔයාව තනි කරන්නෙ නැති නිසා...

ඔව් දැන් ඔයාට මම ඉන්නවා...

*
*
*

වෙනදා වගේම එයාට කලින් ඇහැරුනු මගේ කකුල් නිකන්ම ඇදුනේ ඇස් පියන් නිදාගෙන ඉන්න එයා ගාවට...

දන් නෑ ඒ හැගීම මොකක්ද කියලා..ඒත් මට එයා ගැන දැනෙන හැගීම ඒක අනුකම්පාවක් නෙමෙයි...

මටත් කලින් ගිහින් මගේ ඇගිලිතුඩු එයාගේ නලලට වැටිලා තිබුන කොන්ඩ කෑලි අයින් කරන්න පටන් ගත්තා...

නලලෙ තිබුන ඇගිලි එයාට දැනෙන නොදැනෙන ගානට ඇවිත් එයාගේ කම්මුලක නතර උනේ මටත් හොරෙන්...එයා භාවනාවක් වගේ ....හිත නිවෙනවා...දකින්න දකින්න .......

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now