24 💎

128 32 5
                                    

"ඒ මම ආදරේ කරපු කෙනා මගේ පපාගේ අතින්ම  මලකඳක් වෙලා තියනවා දැකපු දවසෙ තමයි මට තේරුනේ මෙච්චර දවසක් මම ජීවත් වෙලා තියෙන්නෙ අපායක කියන එක... ඉතින් මෙතන මේ සීතල පොලොවෙ වැතිරිලා ඉන්න එයාගේ මරණෙට වග කියන්න ඕනි සම්පූර්ණයෙන්ම මම .... ඔයාට පුලුවනි ඒ නිසාම පපා කියන කෙනා මම කියලා පිලිනොගෙන ඉන්න...ඒත් පුතේ මමා කියන අයිතියෙන් පොඩිම කොටසක් හරි එයාට දෙන්න...මෙච්චර දවසක් එයා ඔයාව රකින්න ඇති..මට විශ්වාසයි ඒක .... ඒ වගේම මෙතන ඔයා නොදන්න අනික් දේ තමයි ඔයාට පපා උනේ එයාගේ අයියා කියන එක..."

"එදා ඔයා බේරගත්තෙ තනිකමෙන් ඉදපු මම අනාථ නිවාසෙකින් අරන් හදාගත්ත මගේ දුවගෙ ජීව්තේ පුතේ...එයා පුතාගේ අම්මා වගේමයි පෙනුමෙන් වගේම හැසිරීමෙනුත්...අනික ඒ දරුවගෙ ලේ වර්ගෙත් මගේ ලේ වර්ගෙම වෙද්දි මගේ ආදරේ ලෝභකමක් නැතුවම ඒ දරුවා දිහාට ඇදිලා ගියා..එදා මගේ දුවට මට ලේ දෙන්න බැරි උනා...මොකද මම ඩයබෙටික් පේශන්ට් කෙනෙක්..ඉත්න් පුතේ එදා දෙවියො එව්වා වගේ එතැනට ඔයා ඇවිත් මගේ දුවගේ ⁣ජීවිතේ බේරුවත් මොන හේතුවකටද මන්දා ඒ වගේ කොල්ලෙක් මටත් හිටියා නම් කියලා ඔයා දැකපු මොහොතෙම මට හිතුනා...මොකද ඔයාගේ
ඔය දිගැටි ඇස් එයාගේ ඇස් මට මතක් කරා...ඒ හැඟීමට මට පිස්සු හැදෙන්න ඇති ..ඒකයි මම DNA test එකක් වෙනකම් ඒ පිස්සුව අරන් ගියේ...අන්තිමට ඔයා අපේ පුතා කියලා දැනගත්තම මම තනියම ඇවිත් මෙතන පැය ගානක් ඔයාගේ මමා එක්ක කතා කරා ...ඉතින් දැන් ඔයාගේ වාරේ...එයා එක්ක කතා කරන්න පුතේ..."

හීනෙකින්වත් feng මාව මෙතැනට එක්ක එද්දි කියයි කියලා නොහිතුනු දෙයක් අන්තිමට මට අහන්න උනේ....

කතාව කියලා ඉවර කරපු feng මගේ ඔළුවත් ලාවට අතගාලා එතනින් නැගිටලා යද්දි දැල්වුනු ඉටිපන්දම් එක දෙක නිවිලා ගිහින් තිබුනා වගේම මගේ ඇස් ඉස්සරහා තිබුනු සොහොන් කොත දිහා මම බලන් ඉන්න ගත්තා...

අඩන්නද හිනාවෙන්නද ... මට මමාලා දෙන්නයි ඒත් දෙන්නම මේ ලෝකෙන් දැනටමත් යන්නම ගිහින්...පපාලා දෙන්නගෙනුත් කෙනෙක් දැනටමත් මට නැති වෙලා තියෙද්දි මම අනික් පපාවත් නැති කරගන්න ඕනිද....මගේ කියන කෙනෙක් නැතුව මම කොයි තරම්නම් අසරණ උනාද....

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now