25 💎

126 38 7
                                    

-වර්තමානය-

Yibo's POV

දැන් පැයකටත් වැඩි වෙලාවක ඉදන් මම කරන්නෙ එයා දිහාම බලන් ඉන්න එක..ලග හිටියෙ නැති කාලෙට එයා හුඟක් වෙනස් වෙලා තිබුනා..සමහර විට කෙටියෙන්ම කිවුවොත් එයාගේ හුරතල් පෙනුම තවත් වැඩි වෙලා තිබුනා...

ඒ්ත් ඉස්සර මම ගාව ඉදපු කියුට්ව ආයමත් හොයාගන්න මට ගොඩක් මහන්සි වෙන්න වෙයි..ඒ වෙනුවෙන් මේ හැමදේම එයාට කියන්න වෙයි...

ඒත් දැන්ම එයා දැනගන්න ඕනි නෑ මේවා..මේ හැමදේම ඉවරයක් උනු දවසක මම ජීවත් වෙලා හිටියොත් ඔයාට ඒ හැමදේම කියන්නම් මම...කොහොම කියන්නද එයාගේ පපාව මරලා දැම්මෙත් මගේ පවුලෙ අයව මරලා දාපු උන්මයි කියලා..ඊටත් වඩා එයා ඉන්නෙ එයාගේ ඇත්තම මමා ලග නෙමෙයි මමයි එයාගේ ඇත්තම මමා ලග ඉදලා තියෙන්නෙ කියලා...

ඇදේ දිග නින්දකට වැටිලා ඉදපු එයාගේ කෙහෙරැලි අස්සෙන් යන්තමට අතැගිලි යවන ගමන් මම ඒ සිනිදු නලල යන්තමට සිපගත්තා...

ඔයා මගේ සහෝදරයෙක් නොවුනු එකම ඇති මට...ආයමත් එයා දිහා බලන් හිතද්දි එයා යන්තමට අත් දෙකෙන් ඇස් ගුලි කරන ගමන් ඇ⁣හැරෙන්න ගත්තා වගේම එයා ගාවින්ම පැත්තකින් වාඩි වෙලා උන්නු මාව දැකපු ගමන් ඔළුව වෙන පැත්තකට හරවන් රවන්න ගත්තා..
හුරතල් ...

"ඇහැරුනාද ම්ම්..."

"ඔයා මොනාද හලෝ මෙතන කරන්නෙ..."

මම අහපු ප්‍රශ්නෙ මගාරින ගමන් එයා අහද්දි මට රිදුනෙ නෑ කිව්වොත් බොරු...ඒත් රිදුනා කියලා මම මොනා කියන්නද..මම හරි කියන්නද..මාව සාදාරණීකරනය කරන්න හැම ඇත්තක්ම කියලා එයාවත් අමාරුවෙ දාන්නද ...මට ඒක කරන්න බෑ...

මට කරන්න පුලුවන් එකම දේ මම නිසාම වෙනස් උනු ඔයාව රකින එක විතරමයි..මගේ හුස්ම නවතිනකම්..

මගෙන් උත්තරයක් නැති නිසාම එයා එයාාගේ අත දික් කරලා ෆෝන් එක අරගෙන මොන මොනවදෝ කරා වගේම ටිකකින් ඒ කරේ මොකක්ද කියන්න මට තේරුනේ මගේ කන ගාවටම කරලා එයා අල්ලපු සද්දෙත් එක්ක...

"ඩිං ඩොං / ඩිං ඩොං /ඩිං ඩොං..."

ඒ අපි මුලින්ම හමුවුනු දවසෙ මම බය උනු එයාගේ එලාම් එකේ සද්දෙ...

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now