17💎

226 69 16
                                    

Zhan's POV ❤️

School එකේ vacation එක...මම yiboවත් ඇදගෙන අපේ ගෙදර ආවා..එයාගේ කැමැත්තක් තිබුනෙ නැතත් ආවට පස්සෙ ඒක වෙනස් වුනා කියලා මට දැනුනා..අපේ මමාට එයාවත් එයාගේ පුතෙක් ගානයි... මම මගේ යාළුවෙක් කියලා මගේ මුළු ජීවිත කාලෙටම කෙනෙක් ගෙදර එක්ක ආව පලවෙනි වතාව මේ...

අදට දවස් තුනක්... මම එයාව අපේ ගම වටේ එක්ක ගියා...මෙහේ කාටවත් එයාව පිස්සෙක් උනේ නෑ... මමවත් නොදැක්ක ලස්සන හිතක් එයාට තියනවා...

රෑ කෑම කාලා මම එයාවත් ඇදන් නිදාගන්න යන්න ගියත් මගේ මමා මට කලින් එයාව ඇදගෙන සෝෆා එක ලගට ගියා...මටත් වෙන කරන්න දෙයක් නැති කමට ගිහින් ඒ දෙන්නව පේන විදිහට පැත්තකින් වාඩි උනා... ගැලපෙන දෙන්නා...yiboටත් මාත් එක්ක තමයි කතා කරන්න බැරි වුනේ..අපේ මමා එක්ක හැච හැච ගගා කියවනවා...මම අපේ මමා එක්ක මගේ මුළු ජීවිත කාලෙම කතා කරාට වඩා වචන ගොඩක් මේ දවස් ටිකට එයා මගේ මමා එක්ක කතා කරන්න ඇති...

අපේ මමා එයාගේ mission එක පටන් අරන් කියලා මට ටික වෙලාවකින් තේරුනා...මේ ගෙදරට එන හැමෝටම අපේ මමා ඕක පෙන්නලා මගේ ආත්ම ගරුත්වෙ බේසමක දාලා විසි කරනවා...බෝ එක්කත් මේක පටන් ගත්තද මමා..

අපේ මමා උස්සන් ආවේ මගේ ඇච්චා කාලෙ ඉදන් photos තියන තඩි album එක..

හරි එහෙනම් දෙන්නා මගේ සායම යවන්නකො ...මං බලන් ඉන්නම්...මම ඈනුමකුත් ඇරලා හිත හදා ගත්තා ඉතින්...ඕක දැන් නතර කරන්න පුලුවන් එකක් නෙමෙයි...බලපුවාවේ දෙන්නා...

"කියුට් ...."

"නැගිටින්න..මෙතන නිදාගන්න බෑනේ..."

මොන කරදරයක්ද....නිදාගන්නවත් නෑ නිදහසේ...හීනෙනුත් මේ මනුස්සයමනෙ මට පේන්නෙ සෙද්ද...

"කියුට් ...මමාත් ගියා...යමු අපිත්..."

සනීපයි හැබැයි...මේ පාර එයා වෙනදා හීනෙන් ආවම කරන්නෙ නැති දෙයක් කරනවා..මගේ ඔළුව අතගානවා...දැන් නම් මේක හීනයක් නෙමෙයි ඇත්තක් උනත් ඔයාගේ කියුට්ගෙ ඇස් අරිනවා බොරු කොල්ලො...

"කියුට්...මං උස්සන් යන්නම් එහෙනම්...හරිද.."

හා අනේ ...මාත් මේ ඒක වෙනකම් තමයි බලන් ඉන්නෙ...උස්සන් යන්න අනේ ඕනි තැනකට..

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now