ᴄʜᴀᴘᴛᴇʀ 𝟾 🥀

1.5K 313 120
                                    

12.00 mid night ~

මිස්ටර් චෝයි හිටියේ තමන්ගේ නිදන කාමරේ සුව නින්දක පසූ වෙමින්....

ඊට එහා පැත්තේ චෝයිගේ බිරිඳද හිටියේ ගැඹුරු නින්දක....

නමුත් ගැඹුරු නින්දක හිටිය චෝයිගේ බිරිඳ එකපාරම කලබලෙන් ඇස් අරින ගමන් තමන්ගේ නහයට තද උන රෙදි කෑල්ලත් එක්ක තමන්ගේ එහා පැත්තේ හිටගෙන හිටිය කෙනා දිහා බැලුවා....

සම්පුර්ණ කලු ඇඳුම් ~

චෝයිගේ බිරිඳ තමන්ගේ ඇස් පියවෙන්න කලින් බොඳ උන ඇස් වලින් දැක්කේ එච්චරයි....එත් එක්කම එයාට සිහිය නැතුව ගියා...

" හනී සද්ද නොකර ඉන්නකෝ..."

කන ලඟින්ම ඇහෙන මියුසික් සද්දෙට නින්දෙන්ම තමන්ගේ වයිෆ්ට කතා කෙරුව චෝයි ආයේම හෙමින් නින්දට වැටුනා....

නමුත් දිගින් දිගටම mouth organ එකක සද්දයක් ඇහෙන්න ගත්ත එකෙන් ඒ සද්දේ සැනසිල්ලේ නින්දට වැටෙමින් හිටිය චෝයිට තවත් හිසරදයක් උනා...

" හනී , මං ඔයාට ආයේ කියන්නේ නැහැ...සද්ද කරන්න එපා..."

චෝයි තමන්ගේ අතකින් කොට්ටෙට තද නොවුන කන වහගෙන එහෙම කියලා තමන්ගේ වයිෆ් නිදාගෙන හිටිය පැත්තට හැරෙන ගමන් කෙනෙක්ගේ ඇඟ උඩින් අත දැම්මා...

" ගුඩ් ගර්ල් ඔහොම ඉන්න..."

චෝයි වයිෆ්ගේ ඇඟට අත දැම්ම හැටියේ අර කලින් ඇහුන මියුසික් සද්දේ එහෙමම නැති වෙලා ගියා....

" ලස්සන හීන දකිනවා වගේ...මිස්ටර් - චෝයි.."

එත් එක්කම කන ලඟින් ඇහුන ගොරොසු කට හඬට ගැස්සිලා ඇස් ඇරිය චෝයිගේ ඇස් ගැටුනේ තමන් දිහා බලන් ඉන්න තියුණු ඇස් දෙකක දර්ශනයක්....

අවංකවම මද අඳුරේ පැවතුන කාමරයක් ඇතුලකදි ඒ රත් පැහැ ගැන්වුනු ඇස් දැක්ක චෝයි මොන තරම් ශක්තිමත් කෙනෙක් උනාත් තිගැස්සි ගියා....

" ම්..මිස්ටර් ජේකේ..?"

නින්දෙන්ම ජන්කුක්ගේ ලඟට ඇවිත් දැන් තමන්ට වඩා සෙන්ටිමීටර් පහක වගේ දුරකින් තිබ්බ ජන්කුක්ගේ දරුණු ඇස් වලින් ඈත් උන චෝයි ඉක්මනින් ඇඳෙන් කෙලින් උනා....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now